Chapter 15: Empathy

765 201 64
                                    

මේ වෙද්දි චාන් බාත් රූම් එකට ගිහින් දොර වහගෙන දැන් පැය 2ටත් වැඩියෙන් ගිහින්. බාත් රූම් එකෙන් ආපු ඩිම් ලයිට් එලිය ඇරෙන්න ඇතුලෙන් හුම් සද්දයක් ඇහුන් නෑ.

යීබො ඇදේ වාඩි වෙලා බාත් රූම් එක දිහාම බලන් හිටියේ මොනවද දැන් කරන්න ඕනෙ කියලා හිතා ගන්න බැරුව. මොනවද කරන්න තියෙන්නේ, මොනවද කරන්න එපා කියන එක එයාට තේරුන් නෑ. එයාට සීන් ගැන worry වෙන්න උවමනාවක් තිබුන් නෑ. ඒත් මේ ගැන එයාගේ පපා දැනගත්තොත් එයාගේ පිට තමයි වරද පැටවෙන්නේ. ඒ නිසා යීබොට දැනුනේ වදයක් වගේම තරහවක්.

යීබො අන්තිමෙට හිත හදාගෙන ඇදෙන් නැගිටලා බාත් රූම් එකේ දොර ලගට ගියා. දෙතුන් වතාවක් ඇස් දෙකත් වහන් හොද හුස්මක් අරන් දොරේ අගුල කැරකුවා.

යීබො දොරත් ඇරන් ඇතුලට ගියේ එක පාරට කඩන් ආවා කියලා හොද කුනුහරප කීපයකින් බැනුම් අහන්න ලැහැත්ති වෙලාමයි. ඒත් එහෙම දෙයක් උනේ නෑ. චාන් හිටියේ බාත් ටබ් එක ලග බිම නින්ද ගිහින්. එයාට නින්ද යන්න කලින් කර කර හිටියේ මොනවද කියලා පේන්න වගේ කකුලේ බාගෙට ඔතපු බැන්ඩේජ් එකක් තිබ්බා. චාන් කකුල බැන්ඩේජ් කර කර ඉන්න ගමන් නින්ද ගිහින් කියන්න යීබොට තේරුනා.

යීබොව කොච්චර පුදුමයට පත් උනාද කියනවා නම් එයාව paralyze උනා වගේ. කොහෙද මේ උඩගු, අහංකාර සීන්? යීබොට හිතුනේ දවස් ගානක ඉදන් සීන් හැසිරෙනවා ටිකක් අමුතුයි කියලයි. හරියට නිකන් එයා සීන් නෙවෙයි වෙන කෙනෙක් වගේ.

යීබොට ඒවා වැඩක් නෑ. එයාට කොහොමත් සීන් ගැන වැඩක් තිබුන් නෑ. ඒත් ඒක එහෙමනම් කොහොමද මේ වෙලාවේ එයා සීන්ව එයාගේ අත් වලට උස්සගෙන හිටියේ.

සිතුවිලි වල අතරමං වෙලා හිටපු යීබො නොදැනුවත්කම සීන් ළඟට ගිහින් එයාව අත් දෙකට අරගෙන තිබුණා. එයාට සීන් ගේ තිබුන දුක් සහිත පෙනුම, වේදනාත්මක පෙනුම සහ අනුකම්පා සහගත පෙනුම අමතක කරන්න බැරි වෙද්දි යීබො බාත්රූම් එකෙන් එලියට ආවේ චාන්ව ඇඳෙන් තියන්න කියලා.

"මොනවද තමුන් කරන්නේ? මාව බිමින් තියෙනවා." චාන් එක පාරටම ගැස්සිලා නැගිටලා දඟලන්න පටන් ගත්තා.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now