Chapter 26: Revenge

823 200 34
                                    

කාමරේ තිබුන උනුසුමයි bed sheet එකේ උනුසුමයි අතරින් චාන් එයාගේ බර වෙලා තිබුන ඇස් දෙක පිරිමදිමින් ඇස් දෙක ඇරියා. එයාට තාමත් දැඩි ඔලුව කැක්කුමක් තිබුනා වගේම තොලකට උගුර ඔක්කොම වේලිලා තිබුනා.

චාන් සිවිලිම දිහා ටිකක් වෙලා බලන් ඉදලා උනේ මොකක්ද කියලා කල්පනා කරා.කාමරේ වටේ හිමින් ඇස් යවද්දි තමයි මතක් උනේ චාන්ට ඊයේ සිදුවීම් ටික. එයා අතරමං උන විදිය, වැස්සේ තෙමුන විදිය වගේම උන හැදිලා යීබො එයාට උදව් කරපු විදිය.

චාන්ගේ ඇස් දෙක ඊලගට යොමු උනේ Couch එකේ වාඩි වෙලා සංසුන් විදියට එයාගේ 4n එක බල බල ඉන්න යීබො ලගට. Hotel staff එකෙන් හෝදලා වේලලා දීපු ඊයේ ඇදන් හිටපු ඇදුම් යීබො ඇදගෙන හිටියා වගේම එයාට එහා පැත්තේ තිබුන මේසේ breakfast එක ගෙනත් තියලා තිබුනා. චාන් හිමීට නැගිටලා යීබො ලගට ගියා.

"ඔයාගේ ඇදුම් ටික ගෙනාවා. බය වෙන්න එපා ඒවා කිලුටු නෑ. Staff එකෙන් හෝදලා වේලලා තියෙන්නේ." යීබො කිව්වා.

"මන් හිතන්නේ මන් ඊයේ ඔයාට කිව්වා මට මන් ගැන බලාගන්න පුලුවන් ඔයාට යන්න කියලා."

"ඔව් අනිවාර්යයෙන්. එතකොට ඔයාට පුලුවන් නේ ඔයාට උන දේට වැරැද්ද ලේසියෙන් මගේ පිට දාන්න."

"කවුද එහෙම කරන්නේ?"

"ඔයා තමයි. අපේ පපාට කියන්න පුලුවන්නේ එතකොට ඔයාට."

"හරි එහෙනම්. අර තියෙන්නේ දොර. Thank you and good bye. ඔයාට දැන් යන්න පුලුවන්. මට මගේ කකුල් දෙකෙන් ගෙදර යන්න පුලුවන්." චාන් යීබොට දොර පෙන්නලා කිව්වා.

"ඇයි ඔයා ඔච්චර මුරන්ඩු?" යීබො එරෙව්වා.

"මන් දන් නෑ. ඒ මගේ හැටි වෙන්න ඇති."

"ඒ ගැන සැකයක් නෑ. කාලා ලැහැත්ති වෙන්න. මන් ඔයාව ගෙදරට ගිහින් දාන්නම්."

"මන් කිව්වා මට..."

"අපේ පුතා නැගිට්ට වෙලේ ඉදන් අපි දෙන්නව හොයනවලු. එයාව worry කරන්න එපා."

"ම්න්." චාන් සුසුමක් හෙලලා පරාජය භාර අරන් washroom එකට ගියා. එයාට යීබොත් එක්ක තව දුරටත් එකට එක කියවන් යන්න උවමනාවක් තිබුන් නෑ. එයාට නැගිට්ට වෙලේ ඉදන් ඇගට පන නැති ගතියක් වගේම හරිම දුර්වල ගතියක් දැනුනා.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now