Chapter 21: The strategy of three bunnies

783 205 172
                                    

-Flashback-

"මම ඔයාට පෙන්නන්න ඕනෙ ඔක්කොම ගැනයි දැනගන්න ඕන ඔක්කොම ගැනයි කියලා ඉවරයි. හැබැයි තව එක්කෙනෙක් ඉන්නවා ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. එයා මම අන්තිමට තියාගෙන හිටියෙ එයා ගොඩක් වැදගත් කෙනෙක් නිසා." සීන් කිව්වේ ෆොටෝ එකක් චාන් අතට දෙන ගමන්.

"කවුද මේ?" චාන් ගැහුවෙ ෆොටෝ එක අතට ගන්න ගමන්.

"මේ ඉන්නේ Ten Ty. එයා තමයි යීබොට මේ ලෝකේ ඉන්න වැදගත්ම පුද්ගලයා. ඒ වගේම ඔයාගේ guard down නොකර ඉන්නම ඕනේ පුද්ගලයා."

"මේ යීබොගේ boyfriend ද?"

"එයාගේ Ex-boyfriend." සීන් ඇහිබැම එසෙව්වා. "මොකද මම තමයි දැන් එයාගේ husband."

"ඒ දෙන්නා එච්චර ආදරෙන් හිටිය නං ඇයි?"

"ඕනෙ නැති ප්‍රශ්න අහන් එපා." සීන් එයාගේ කතාවට බාධා කළා. මං කියන එක හොඳට මතක තියාගන්න. මෙයා ඔයාගේ යාළුවෙක් නෙමෙයි ඒ වගේම කවදාවත් එහෙම වෙන්නෙත් නැහැ.එයා හැම වෙලේම ඔයාගේ තරග කාරයෙක් විතරයි. ඒ නිසා කොහොම හරි මොකක්ම හරි කරලා එයාට වඩා ඉස්සරහින් ඔයා අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඒක කොහොම ද කියන එක අදාළ නෑ . එයාට කවදාවත් lead එක ගන්න දෙන්න එපා. තේරුණාද?"

"මම හිතන්නේ මන් මෙච්චර දුරට දැනගන්න එක අවශ්‍ය නැහැ. මොකද මට එච්චර ලොකු කාලයක් ඔයා වගේ රඟපාන්න නැහැ නේ ."

"ඒත් මතක තියාගන්න. මොකද මට ආපහු ඔයාව කවදා ඕන වෙයි ද දන්නෑ නේ." සීන් කට කොනෙන් හිනා උනා.

චාන් යීබොගෙයි Ty ගෙයි අතීත කතාව සම්පූර්ණයෙන් අහන් හිටියා. සීන් කියන එක අහන් ඉන්න අහන් ඉන්න චාන්ට ගොඩක් තරහ ගියේ එච්චර ආදරෙන් හිටපු දෙන්නෙක්ගේ මැද්දට ආපු එක ගැන. එච්චර ආදරේ කරපු දෙන්නෙක් වෙන් කරපු එක ගැන.

ඒ කොහොම වුණත් සීන් මතක තියාගන්න කිව්ව හැමදේම චාන් අකුරටම මතක තියා ගත්ත. මොකද එයා වෙන කෙනෙක් විදියට ජීවත් වෙන්න යන්නේ. ඉතිං කොයි වෙලාවේ මොන දේ වෙයිද දන්නෙ නෑ. කාව මුණගැහෙයි ද දන්නෑ.

-End of the flashback-

චාන්ට මේ වෙලාවේ ගොඩක් දේවල් මතක් උනා. සීන් එයාගේ ජීවිතයට ආපු විදිහ, ඇවිල්ලා ඒක එයාට ඕනේ විදියට සම්පූර්ණයෙන් වෙනස් කරපු විදිය. ඒ වගේම එයාට යීබොව පළවෙනියට මුණ ගැහිච්ච විදිහ. එදා යීබොගේ තිබුන සීරියස් distant ලුක් එක, ඒත් ඒක පරයා කැපිලා පෙනුන attractive appearance එක, චාන් සුළු මොහොතකට ඇස් ඉවතට ගන්න බැරුව ඒ දර්ශනය ඇතුළ අතරමං වෙලා හිටපු විදිහ, එදා එයාගේ හදවත නොසෑහෙන්න ගැහුන විදිහ.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now