Chapter 48: Together

989 187 77
                                    

"අපි අද නම් ඇත්තටම හොද කාලයක් ගත කරා."

"ඔව් ඒක නම් ඇත්ත. මම සීන් එක්ක කාලය ගත කරේ සෑහෙන කාලෙකට පස්සේ. එයා ඇත්තටම වෙනස් වෙලා." Sunan චාන් එක්ක ඇවිදිමින් කිව්වා.

"මම නම් හිතන්නේ සීන් වෙනස් වෙලා නෙවෙයි. ඒක එයාගේ ඇත්තම විදිය. එයා ඒක අනිත් අයගෙන් හංගන් ඉදලා."

"මටත් එහෙම හිතෙනවා." චාන් එක්ක ඇවිදිමින් හිටපු සුනාන් නතර උනා. "මන් මෙතනට විතරයි එන්නේ ඔයත් එක්ක." සුනාන් චාන්ගේ පිටිපස්ස බැලුවා. "කවුද එක්කෙනෙක් කලුවරේ ඉදන් අපි දිහා බලන් ඉන්නවා.මන් හිතන්නේ කොයිම වෙලේ හරි මට attack එකක් එයි."

"එක දෙක කරලා කියන්න එපා..." චාන් ඇස් රෝල් කරා.

"චාන් මේ ඇත්තමයි ඔයාගේ husband වෙලාවකට හරිම බය හිතෙන කෙනෙක්." සුනාන් චාන්ගේ අත අල්ලන් හිනාවෙලා කිව්වා.

"මොන හස්බන්ඩ්ද? අපි මැරි කරලා නෑ."

"නැද්ද? ඔය දෙන්නා දැනටමත් එකට ජීවත් වෙනවනේ." සුනාන් හිනාවෙලා චාන්ට ලංවෙලා කනට මිමිනුවා. "මට හිතා ගන්න පුලුවන් ඔය දෙන්නගේ සම්බන්දේ ඊටත් වඩා එහාට ගිහින් තියෙන්නේ කියලා..."

"විකාර කතා කියන්න එපා..." චාන්ගේ මූනම රතු උනා.

"බලන්නකෝ...ඔයාගේ ඔය ‍රතු පාට උන මූනම මට උත්තරේ දෙනවනේ." සුනාන් හිනාවුනා.

"කට වහගන්න."

"මට හිතා ගන්න බෑ මන් ඇත්තටම මේක කියනවා කියලා." සුනාන් ඇස් රෝල් කරා. "ඒත් ඇත්තටම ඔයා දැන් ඔයාගේ සැකේ නවත්තගන්න ඕනේ. ඔය දෙන්නා එකට ජීවත් වෙන්නේ. එක ඇදේ නිදාගන්නේ. ඒක හොදටම පැහැදිලියි ඔයාගේ හැගීම් වෙනස් වෙන් නෑ කියලා. ඒ වගේම එයත් පෙන්නුවා එයා serious කියලා. ඒ ඔක්කොටම වඩා එයා ඉරිසියාව ගිලගෙන අපි දෙන්නා දිහා මේ විදියට බලන් ඉන්නවා. එයා ඔයාව සතුටු කරනවා වගේම ආදරෙන් බලා ගන්නවා. තවත් මොන proof එකක්ද ඔයාට ඕනේ?"

"......"

"හරි." සුනාන් අදුරේ තියෙන ජැනේලේ දිහාට බැල්මක් හෙලුවා. එයාගේ මූනේ ඇදුනේ හරිම දගකාර හිනාවක්. "මන් ඒ ගැන ආපහු කතා නොකර ඉන්නම්." Sunan චාන්ව තදින් වැලද ගත්තා. "ඒත් මන් කියපු දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න." සුනාන් එයාගේ ඇස් දෙක අදුරේ බලන් ඉන්න කෙනා ලග තියෙද්දිම චාන්ගේ කොපුලට දෙතොල් තද කරා. "අනවශය සැකයක් හිතේ තියාගෙන ඔයාගේ කාලේ නාස්ති කරන්න එපා." සුනාන් දගකාර හිනාවකින්ම චාන්ගෙන් ඈත් උනා.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now