ලයිලව petrifiy වෙලා හිටියේ එයා දැක්ක දේවල් එක්ක. මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද? ලයිලාගේ කදුලු පිරුන ඇස් ඇදේ නිදියන් ඉන්නේ චාන් දිහාටම රැදිලා තිබුනා. එතකොට මෙච්චරකල් එයා fight කරලා තියෙන්නේ මෙයත් එක්කද? ඇයි එයා He Sean ගේ තැන ඉන්නේ? ඇයි He Sean වගේ රගපෑවේ? වෙව්ලමින් ඉන්න ලයිලගේ ඔලුවට ආවේ මේ වගේ දේවල්.
Wang family එකේ අයගේ තත්වෙත් මීට වෙනස් නෑ. හැබැයි යීබො අනිත් හැමෝටම වඩා සිහියෙන් හිටියේ. He Sean ආපහු ඇවිල්ලා. ඒ කියන්නේ එයාට තව දුරටත් චාන්ව එයාගේ place එකේ තියන්න ඕනේ නෑ. ඒ කියන්නේ ඉස්සරහට ප්‍රශ්න වැලකට මුහුන දෙන්න සිද්ද වෙනවා. ඒත් ඒ ඔක්කොටම වඩා යීබොගේ හදවත පෙලුවේ එයාට චාන්ගෙන් වෙන් වෙන්න වෙයි කියන සිතුවිල්ල.
"ඔයා...ඔයා කිව්වේ ඔයාගේ සහෝදරයා කියලද?" ලයිලා බියෙන් වෙව්ලුවා.
"ඒක හරි. මගේ සහෝදරයා." සීන් සීතල විදියට හිනාවුනා.
"He Sean... ඔයා මොනවද මේ කියවන්නේ? ඔයාට සහෝදරයෙක් නෑ. මොනවද මේ වෙන්නේ කියලා පැහැදිලි කරනවද?" Mrs Wang upset ගිහින් හිටියේ.
"I'm sorry මමා. මන් දන්නවා මන් මේ දේවල් පැහැදිලි කරන්න ඕනේ කියලා. ඒත් දැන් ඒකට වෙලාව නෙවෙයි. මට ඊට වඩා වැදගත් වැඩක් තියෙනවා." සීන් ලයිලගේ කෙස් වැටියෙන් ඇදලා ගත්තා. "මට තියෙනවා අවලමේ යන බැල්ලියෙක් ගැන බලා ගන්න..."
"යීබෝ.. මට සමාවෙන්න...මට ඇත්තටම සමාවෙන්න... මන් හිතලා කරේ නෑ..." ලයිලා ඇඩුවා.
"හිතලා කරේ නෑ? තමුසේ කියන්නේ මේක නිකන්ම නිකන් accident එකක් කියලද? තමුසේ හිතන්නේ
මන් තමුසෙගේ බොරු වලට තවත් අහුවෙයි කියලද?" යීබො තරහින් ලයිලගේ නිකටෙන් රලුව ඇල්ලුවා. "තමුසේ කරපු හැමදේටම විදවන්න ලැහැස්ති වෙනවා! තමුසෙට විතරක් නෙවෙයි තමුසෙගේ මුලු පවුලටම මන් විදවන තැනට පත් කරනවා!" යීබො තරහින් ගෙරෙව්වා"Mr Wang.." හොස්පිටල් එකට පොලිස් ඔෆිසර් කෙනෙක් ආවා.
"Thank you මගේ කෝල් එකට ඉක්මනට ආවට." Mr Wang කිව්වා.
"අපි ඇත්තටම ඔයාලට කියන්න හිටියේ Ten ලා එයාගේ දුව ඉන්න තැන ගැන අපිට කියන්න ඉදිරිපත් උනා කියලා. ඒත් මන් හිතන්නේ ඒක දැන් වැඩක් නෑ.. " පොලීසියේ එක්කෙනා කිව්වේ ලයිලා දිහා බලන ගමන්.
VOCÊ ESTÁ LENDO
𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]
Fanficමේ විසල් ලෝකයේ ඉන්න සමහර මිනිස්සු ක්ලෝනයන් (clone) විශ්වාස කරනවා. හරිම පුදුම විදියට එක රැයක ශියාඕ චාන්ටත් ඒ තියරිය විශ්වාස කරන්න වුනේ එයා ඉස්සරහට ආපු එයාගේ ක්ලෝනය දැකලා. ඒ කෙනාගේ පෙනුම සහ බැල්ම ඉතාම සීතල උනත්, එයාගේ අනිත් හැම feature එකක්ම කන්නාඩියෙ...