Chapter 9: Our Secret

778 195 54
                                    

චාන් Tiantian ව මාස 9ක් කුසේ තියන් හිටියා. ඒ දවස් වල නිදි නැති රැයවල් ඕනේ තරම් තිබුනා. Morning sickness එකෙන් උපරිම දුක් වින්දා. එක එක mood swings ඇති උනා වගේම අමුතු අමුතු කෑම කන්න ඕනේ උනා. ඒ හැම දෙයක්ම ඉවසගෙන ඉද්දි පැටියා පයින් ගහනවා දැනුනම චාන්ගේ හිතට ඇති උනේ එසේ මෙසේ සතුටක් නෙවෙයි.

චාන් චූටි පැටියව කුසේ තියන් හිටියේ හරියට නිදානයක් වගේ. එයා දැනන් හිටියා එයා මේ ලෝකෙට බිහි උනහම පැටියව එයාගෙන් වෙන් කරනවා කියලා, එයාව දකින්නවත් හම්බෙන් නෑ කියලා. චාන් ඒ ගැන නොහිතා ඉන්න තීරණය කරා. එයා මේ හැමදේම කරන්නේ එයාගේ අම්මා වෙනුවෙන් විතරයි. ඉතින් එයාගේ කුසේ ඉන්න ඒ චූටි වස්තුවව එයාට පුලුවන් කාලේ උපරිම පරිස්සමින් තියා ගත්තා.

චාන් Tiantian ව දැක්කේ Tiantian ඉපදුනු වෙලාවේ, එහෙම නැත්තන් එයාගේ කුසෙන් පැටියව එලියට ගත්ත වෙලාවේ විතරයි. චූටි වස්තුව හිම වගේ සුදුයි, කොන්ඩේ කලුම කලුයි. චූටි පැටියා මේ ලෝකෙට එලිය දැකපු ගමන් එයාලා චාන්ගෙන් පැටියව වෙන් කලා. චාන්ට එයාව හග් කරන්නවත් දුන් නෑ. අඩු ගානේ ඔලුව අත ගාන්නවත්. ඒ තියා අත් දෙකට අරන් හරියට මූන බලන්නවත්...චාන්ට හිතුනා එක වතාවක් දරු පැටියගේ මූන හරියට බලන්න දෙන්න කියලා පිංසෙන්ඩු වෙන්න. ඒත් එයා දන්නවා ඒකෙන් වැඩක් වෙන් නෑ කියලා. ඇත්තටම එයා දරුවව හැදුවේ favour එකක් exchange කර ගන්න විතරනේ.

චාන්ට දරුවව එයාගෙන් ඈත් කරපු දුක තනියම විද දරා ගන්න සිද්ද උනා. එයාට ඇත්තටම දැනුනේ එයාගේ සිරුරෙන් කොටසක් කපලා වෙන් කරා වගේ. එයා වරු කීයක් අඩන්න ඇතිද, රැයවල් කීයක් දරු පැටියා එයාගෙන් වෙන් කරපු දුකින් වගේම පසුතැවීමෙන් නිදි වරන්න ඇතිද? ඒත් චාන් එයාගේ අම්මව බේර ගන්න පුලුවන් තරම් කැප උනා එයාගේ වේදනාව හංගගෙන.

ඒත් චාන්ගේ ජීවිතේ ලේසි උනේ නෑ. වාසනාව කියන්නේ එයාගේ මිතුරෙක් නෙවෙයි. චූටි Tiantian ඉපදිලා මාස 5ක් ගියාට පස්සේ එයාට මේ ලෝකේ හිටපු එකම කෙනා උන එයාගේ අම්මත් එයාව මේ ලෝකේ තනි කරලා දාලා ගියා. සීන් පොරොන්දු උනා වගේම එයාගේ අම්මව හොදම හොස්පිටල් එකේ හොදම treatment වලට යොමු කරා. සීන් චාන්ට දුන්න වචනේ ඒ විදියටම රැක්කා. සීන් කොච්චර සල්ලි වියදම් කරත්, මාස ගානක් උපරිමයෙන් ට්‍රයි කරත් එයාලට චාන්ගේ අම්මව බේර ගන්න බැරි උනේ එයා අරන් ආපු ආයුෂ එයා අරන් යද්දි.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now