"ජිමින්......ජිමින් මේ දොර අරිනවා!!!""
"ජිමින්!"
"ජිමින් නිදාගත්තා ඇති නැගිටිනවා...."
"ජිමින්!!!"
රෑ තිස්සේම කල්පනා කර කර අඬ අඬ හිටපු ජිමින් ජන්කුක්ගෙ කෑගැහිල්ලට අහැරුණා...
"ආ...ඔලුව......ක....කවුද.....පොඩ්ඩක් ඉන්න...."
අමාරුවෙන් ඇඳෙන් නැගිටලා දොර ලඟට ආපු ජිමින් දොර ඇරියා...ජන්කුක් හිටියෙත් දැන් ටිකකකට කලින් නැගිටලා කියල එයාව දැක්කම කියන්න පුලුවන්...ඒත් මොකටද කවදාවත් නැතුව මෙයා ජිමින්ට නැගිටින්න කියල කෑ ගහන්නෙ!
"ඇයි කෑගහන්නෙ??"
"ඕ නැගිට්ටද? අන්න තමුන්ව හම්බෙන්න කව්ද මිනිහෙක් ඇවිල්ලා...ගිහින් බලනවා.."
"කව්ද ජන්කුක්?"
"මං දන්නෙ කොහොමද ගිහින් බලන එකයි ඇත්තෙ!"
ජිමින්ට ගිහින් බලන්න කියල දොර ලඟින් අයින් වුණු ජන්කුක් ජිමින් යන දිහා බලන් ඉඳලා එයාගෙ පස්සෙන්ම ගියා...
වොහ් ඒක පස්සක්ද!!!!
"හ්‍යොන්ග් ඔයා?"
"චිමී ගුඩ් මෝනින්ග්"
ඇවිල්ලා හිටියෙ යුන්ගි...ජන්කුක්ට මේ සිද්ධ වෙන දේ ගැන දන්නෙ නැති නිසා එයා මේ දිහා ඇසුත් පොඩි කරන ගමන් බලාගෙන හිටියා....
"ගුඩ් මෝනින්ග් හ්‍යොන්ග්!ඉඳගන්නකෝ...ඔයා මට කිව්වෙ නෑනෙ එනව කියලා..."
"පොඩ්ඩක් ඉන්න...ඔයාට හ්‍යොන්ග් කෙනෙකුත් ඉන්නවද?"
මං දන්නෑනෙ.."ඒ ජන්කුක්...එයාට මෙතන අලුතින් ඇවිත් ඉන්න කෙනා පිළිබඳව තිබ්බෙ ලොකු ප්‍රශ්නයක්!
"ජන්කුක්... මේ ඉන්නෙ අපෙ ෆ්ලවර් ෂොප් එක අයිති කෙනා , මින් යුන්ගි...මට හ්‍යොන්ග් වගේම තමයි...මට ගොඩක් කිට්ටු කෙනෙක්..."
"ඕ...ඕකෙ ඕකෙ...මොකටද මගෙ අපාර්ට්මන්ට් එකට ආවෙ මිස්ටර් මින්??"
"මං ආවෙ චිමීව එක්කන් යන්න...වෙන
දේකට නෙවෙයි..."
යුන්ගි ඒක කිව්වෙ කට කොනේ හිනාවකුත් එක්කයි...
YOU ARE READING
"𝐂𝐚𝐧 𝐮 𝐤𝐞𝐞𝐩 𝐡𝐨𝐥𝐝𝐢𝐧𝐠 𝐦𝐲 𝐡𝐚𝐧𝐝𝐬?✨"-JIKOOK ✓
Non-Fiction"මිරිඟුවක හිත තියලා,නුඹ දුරක ඇදුණා....." අහිංසක පාත්තස්ගේත් නරුම ජන්කුකීගේත් විවාහ ගමනේ අදියර •1• 𝔟𝔩 𝔰𝔪𝔲𝔱 𝔯𝔬𝔪𝔞𝔫𝔠𝔢 𝔯𝔦𝔠𝔥 𝔞𝔫𝔡 𝔭𝔬𝔬𝔯 top : jk bottom : jm side ships : taegi namjin