𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 26🌻

521 98 63
                                    

"ලල ලල ලල්ලල්ලා....ලල ලල ලල්ලල්ලා...."

"නවත්තපං බං ඔය ඔපෙරාව!"

හුඟ වෙලාවක ඉඳලම කාර් එක ඇතුලෙ ඔපෙරා ගයමින් එන ටේහ්‍යන්ග්ට ජන්කුක් කෑ ගැහුවෙ ස්ටියරින් වීල් එකටත් පාරක් ගහන ගමන්

"යෝ යෝ....බොට ඉරිසියයි නෙ මගෙ අලුත් හෙයා කලර් එක දැකලා...හහ්"

හෙට ජොයින් වෙන්න තියෙන බිග් පාටි එකටත් හරියන්න ටේ තමන්ගෙ හෙයාර් එක බ්ලොන්ඩ් කලර් කරගත්තා.ඒකට සහයකයා විදිහට හැමදාමත් වගේ ජන්කුක්ව එක්කන් යන්න එයා අමතක කරේ නෑ.ජන්කුක්ට කොච්චර වැඩ තිබුණත් ටේහ්‍යන්ග් නිසාම එයත් එක්ක යන්න ආවා.

"අනේ මේ කටවහන් එනවා හරකෝ"

"මචං උඹ මොකක්හරි ප්‍රොබ්ලම් එකකද ඉන්නේ?"

ජන්කුක්ගෙ හැසිරීම නිසා ටේ ඇහුවා.ඒත් ජන්කුක් නිශ්ශබ්දයි!

"හරි හරි උඹ ඔය ලොකු සීන් එකේම හිටපන්කො....අපරාදෙ මං යුන්ගියා ගැන දෙයක් කියන්නත් ගියා"

ඇස් කොනෙන් ජන්කුක් දිහා බලපු ටේහ්‍යන්ග් සීට් එකට හේත්තු වෙලා ෆෝන් එක අතට අරගත්තා,ඒත් ගත්ත ෆෝන් එක උඩට ජන්කුක් තමන්ගෙ එක අතක් දික් කරේ පාරෙ අයිනක කාර් එක නවත්තන ගමන්...

"වට් මොකක් ගැනද?අර මල් කඩකාරයා ගැන?කියපන් මොනාද කියලා!"

"නෝ නෝ නෝ!උඹ කිව්වනේ මට කටවහගෙන ඉඳහන් කියලා?ඒ හින්දා මං ගෙදර යනකන් කතා කරන්නෑමයි! කෝ ස්ටාර්ට් කරපන් කාර් එක!මට ගෙදර යන්න ඕනෙ"

ජන්කුක් ආපහු කාර් එක ස්ටාර්ට් කරලා ටේ දිහාවට හා දත් පෙන්නන ගමන් සිරික්කියක් දැම්මා

"හරි ගෙදර තමයි යන්නෙ ඒත් උඹ මට කියන්න ඕනෙ මොකක්ද යුන්ගි ගැන කියන්න ගියේ කියලා...හාද?කිව්වෙ නැත්තම් මං උඹ ගැන කියනවා ආන්ටිට හරී?"

ටේ ජන්කුක්ට රැව්වා මිසක් ගහන්න ගියෙ නැත්තෙ මීට කලිනුත් ජන්කුක් තමන්ගෙ මාම්ට තමන් ගැන කියලා වෙච්ච ලොකූ අකරතැබ්බය සිහිපත් කරන ගමන්...

"තමුසෙ නම්......හරි අහපන්, යුන්ගියාට වන් සයිඩ් ලව් එකක් තිබුණලු බං!මං ඇහුවා විස්තර.ඒත් මොනවත්ම කිව්වෙ නෑ යකෝ!යුන්ගි ලව් කරපු කෙනාට ඒක කියන්න බැරි වුණාලු හරිද,ඉතිම් එයා වෙන කෙනෙක්ගෙ වුණාලු!ඒ නිසා එයාට ආයෙ ආදරයක් ගැන හිතෙන්නෑලු,පුෆ්"

"𝐂𝐚𝐧 𝐮 𝐤𝐞𝐞𝐩 𝐡𝐨𝐥𝐝𝐢𝐧𝐠 𝐦𝐲 𝐡𝐚𝐧𝐝𝐬?✨"-JIKOOK ✓Where stories live. Discover now