𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 32🌻

428 87 26
                                    

"ජන්කුක් ඇයි එහෙම කිව්වෙ!"

ජිමින් ජන්කුක්ව පිටිපස්සට තල්ලු කරන ගමන් එලියට යන්න හැදුවත් ජන්කුක් කරේ ජිමින්ව ඇදලා අරන් කවුච් එකට තල්ලු කරපු එකයි...

"වෙයිට්,තමුසෙ කොහෙවත් යන්නෑ ජිමින්!මට තමුසෙට දෙයක් කියන්න ඕනෙ.ඒක කිව්වෙ නැත්තම් මගෙ ඔලුව පිපිරෙයි!"

"කියන දෙයක් හරි විදිහට කියනවා ජන්කුක්!මං කැමති නෑ තමුන් මට ඔච්චර ලං වෙනවට"

ජිමින් අහක බලාගත්තා

"ඕ,ඒකත් එහෙමද?ඕකේ ෆයින්!මට කියන්න ඕනෙ මෙච්චරයි,තමුසෙ අර යුන්ගි කියන එකා එක්ක තියෙන සම්බන්ධෙ නතර කරගන්නවා!ඌ....ඌ තමුසෙට කැමතියි ජිමින්!තේරෙන්නැද්ද ඒක තමුසෙට?තමුසෙ මාවයි බැඳලා ඉන්නෙ...ඉතින් ඌට කියනවා අනුන්ගෙ පවුල් කඩන්නැතුව වැඩක් බලාගෙන ඉන්න කියලා!!!"

"යුන්ගි හ්‍යොන්ග්?එයා මට කැමතියි?"

බිම බලාගත්තු ජිමින් තමන්ගෙ හූඩි එකේ කොනක් අනිත් අතින් අල්ලන් ආපහු කතා කරා

"මං දැනන් හිටියා එයාට මං ගැන එහෙම දෙයක් හිතෙනවා ඇති කියලා...ඔයා කොහොමද ඕක ගැන හරියටම කියන්නෙ?"

තමන් දිහා බලන් ඉන්න ජන්කුක්ගෙන් ජිමින් අහද්දි ජන්කුක් කරේ එතනින් ටිකක් එහාට ඇවිදන් ගිහින් ග්ලාස් වින්ඩෝ එකට හේත්තු වුණු එක

"කොහෙන්ද කියන එක මෙතනට අදාල නෑ ජිමින්,ඒක ඇත්ත කියලා ඔයාටත් තේරෙනවා නම් තවත් මොකටද බොරු කතා?ඔය මිනිහට කෙලින්ම කියනවා තමුන් කැමති නෑ කියලා!බැඳපු මිනිහෙක්ට තවදුරටත් ආදරේ කරන්න තරම් නැහැදිච්චකමක් යුන්ගිට තියෙනවා කියලා මං දැනන් හිටියෙ නෑනෙ"

සමච්චල් සහගත හිනාවක් එක්ක එහෙම කියපු ජන්කුක් තමන්ට ඉස්සරහින් පේන සිටි එකට අවධානය දුන්නා

"අහ්?නැහැදිච්චකමක්?යුන්ගි හ්‍යොන්ග්ට?"

ජන්කුක් දීපු ඒ සමච්චල් සහගත හිනාවම ආපිට ජන්කුක්ටම පෙන්නපු ජිමින් කවුච් එකෙන් නැගිටලා ජන්කුක් ලඟට ඇවිත් හිටගත්තා

"ඔයා තරම් නැහැදිච්ච වැඩ යුන්ගි හ්‍යොන්ග් කරන්නෙත් නෑ කරලත් නෑ ජන්කුක්!එයා මට ආදරේ කෙරුවත් නැතත් එයාට එහෙම දෙයක් හිතන්න හරි අයිතියක් තියෙනවා,ඒ තරමටම ඒ මනුස්සයා මට ගොඩක් වටිනවා... මේ වෙනකන් මට වැරැද්දක් කරලත් නෑ...ඔයා කියන්න ඕනෙ කියලා කිව්වෙ මේ දේද?"

"𝐂𝐚𝐧 𝐮 𝐤𝐞𝐞𝐩 𝐡𝐨𝐥𝐝𝐢𝐧𝐠 𝐦𝐲 𝐡𝐚𝐧𝐝𝐬?✨"-JIKOOK ✓Where stories live. Discover now