ජිමින් හිටියෙ අපාර්ට්මන්ට් එකේ ලස්සනට තියලා තිබුණු වීදුරු බඳුන් රෙදි කෑල්ලක් අරන් පිහදාන ගමන්...
"ෆුප්!මේවා හුඟ කාලෙකින් පිහදාලා නෑ වගේ!අර මිනිහා මේකෙ ජීවත් වුණේ කොහොමද මන්දා"
ගොඩාක් වටින වීදුරු බඳුන් ජිමින් හරිම සැහැල්ලුවෙන් අතට අරන් පිහ දැම්මා....
"ෂා!මේක හරියට කානේෂන් මලක් වගේ!ලස්සනයි"
රෝස පාටට හුරු ගෙදර ලස්සනට තියලා තිබුණු දැක්කම වුණත් මිල අධිකයි කියලා කියන්න පුලුවන් වීදුරු බඳුනක් අතට ගත්ත ජිමින්ට ඒක පිහදාන්න පුලුවන් වුණේ තත්පර දෙකක් වගේ පොඩි කාලයයි!
"අයියෝ!!!"
ජිමින්ගෙ අතින් වීදුරු බඳුන බිම වැටුණා
"දෙයියනේ කැඩුණා නේද?හරි නෙ ආසාව!"
බිම වැටුණු වීදුරුවෙ කෑලි බිම සීසීකඩ තියෙන විදිහ දැකලා ජිමින්ට ඒ වීදුරු කෑලි අතරින් පෙනුණෙ ජන්කුක් තමන් දිහා රතු ඇස් වලින් බලන් ඉන්න විදිහයි...
"මං ඉවරයි අද නම්!මට මැවිලා පේනවා අර නරුමයා මාව ලිපේ දාලා පුච්චන විදිහ!ඔම්මා මං මැරෙයිද?"
අත් එකට අතුල්ල අතුල්ල ජිමින් උඩ බලාගෙන දෙවියන්ට කන්නලව් කරේ පොඩි එකෙක් හොරෙන් පිටියි සීනියි කාලා ඔම්මට මාට්ටු වුණා වගේ(හුම් ඒකහ්😪!)
ඒ අතරෙ ජිමින්ට කෝල් එකක් ආවා
"යොබුසෙයො අප්පා!ඔයා ගෙදරද ඉන්නෙ?"
හිනා වෙවි ෆෝන් එක ආන්සර් කරපු ජිමින්ට ඊට එහා පැත්තෙන් ඇහුණෙ වෙන කෙනෙක්ගෙ කටහඬක්!
"මේ කතා කරන්නෙ ෆෝන් එකේ අයිතිකාරයගෙ පුතාද?"
ඒ මනුස්සයා ඇහුවා
"ඔ..ඔව්,ඔයා කව්ද?කෝ අප්පා?"
"ආ,ඔයාගෙ අප්පාව හොස්පිටල් ඇඩ්මිට් කරා පුතා!එයාගෙ කටින් ලේ ඇවිත් බිම ඇදගෙන වැටුණා."
"ආහ්?මො..මොකක් අප්පා?අනේ.....අප්පා දැ..දැන් කෝ එයා?එයා කොහෙද????"
"කලබල වෙන්නැතුව ඉන්නකො ඉස්සෙල්ලා,අපේ කට්ටිය එයාව ******** හොස්පිටල් එකට එක්කන් ගියා.පුතා එහෙට ගියා නම් හරි!"
YOU ARE READING
"𝐂𝐚𝐧 𝐮 𝐤𝐞𝐞𝐩 𝐡𝐨𝐥𝐝𝐢𝐧𝐠 𝐦𝐲 𝐡𝐚𝐧𝐝𝐬?✨"-JIKOOK ✓
Sachbücher"මිරිඟුවක හිත තියලා,නුඹ දුරක ඇදුණා....." අහිංසක පාත්තස්ගේත් නරුම ජන්කුකීගේත් විවාහ ගමනේ අදියර •1• 𝔟𝔩 𝔰𝔪𝔲𝔱 𝔯𝔬𝔪𝔞𝔫𝔠𝔢 𝔯𝔦𝔠𝔥 𝔞𝔫𝔡 𝔭𝔬𝔬𝔯 top : jk bottom : jm side ships : taegi namjin