"මට ජන්කුක්ගෙන් වෙන් වෙන්න ඕනෙ"
ෂොප් එකේ තිබුණු ලස්සන රතු රෝස මල් දිහා බලාගෙන හිටිය ජිමින් කිව්වා
"ඇත්තමද කියන්නෙ ජිමිනා?එයත් කැමතිද ඒකට?"
ජිමින්ට මුහුණලා ඉඳගෙන හිටිය හොබී ජිමින්ගෙන් ඇහුවෙ තමන්ගෙ කෝපි කෝප්පෙ මේසෙ උඩ තියන ගමන්...
"ඇයි එයා අකැමැති වෙන්නෙ හොබී?එයා එකපාරින්ම පේපර්ස් වලට සයින් කරලා චිමීගෙ මූණට විසි කරලා දායි,නේද?"
හොබීගෙ ප්‍රශ්ණෙට උත්තර දීපු යුන්ගි ජිමින් දිහාවට හැරුණා
"ඔව් යුන්ගි හ්‍යොන්ග්,හැබැයි අපි බැඳලා තාම මාසයක්වත් ඉවර නෑ.ඉතින් දැන්ම ඕක කරන්න වෙන්නෑ,ජන්කුක් නම් කිව්වා තව මාස දෙක තුනක්වත් ඉන්න වෙයි කියලා"
ජිමින් කියුට් නමුත් දුක හිතෙන විදිහට මුහුණ හදාගෙන හොබී දිහායි යුන්ගි දිහායි මාරුවෙන් මාරුවට බැලුවා...
"ආ.....ඒකට කමක් නෑ චිමී,තව චූටිම චූටි කාලයක් ඔය විදිහට පරිස්සමෙන් ඒ මිනිහා ගාව ඉන්න ඔයාට පුලුවන් නේද?කිසිම කරදරයක් දාගන්න එපා ඔය මිනිහට එකට එක කියවන්න ගිහිල්ලා නම්!තේරුණාද?"
හොබීගෙ වචනවලට කීකරු විදිහට ඔලුව වනපු ජිමින් කාලෙකට පස්සෙ යුන්ගිගෙ ෆ්ලවර් ෂොප් එකට ගෙනත් තිබුණු සුදු රෝස මල් දිහාවට ඇවිදන් ගියා...
'ඔයා ජන්කුක්ගෙන් ඉක්මනටම ගැලවිලා එන්න මගෙ චිමී...'
'මං ආයෙ පරක්කු නොකරම මගෙ ආදරේ ඔයාට කියනවා...'
'මං ඔයාව හොඳට බලාගන්නවා චිමී!'
.
.
.
.
.
.
.
.
අප්පාගෙ ගෙදර ආව ජිමින් අප්පා එක්කම එකතු වෙලා කෑම හැදුවා,ආගිය දේවල් කතා කරා.ඒ වගේම චූටි ලිලීව හම්බෙලා එයාටත් තමන් හදපු කෑම දීලා ගොඩක් වෙලා කතා කරා.කලින් දවස්වල සිද්ධ වෙච්ච සිදුවීම් නිසා ජිමින්ට සිද්ධ වුණා ජන්කුක්ගෙ කීමට අනුව එයා කොහෙද ඉන්නෙ කියන එක ජන්කුක්ට ටෙක්ස්ට් කරන්න....මං දැන් අපාට්මන්ට් එකට යනවා ටැක්සි එකක් අරන්
ජන්කුක්ට මැසේජ් එකක් දාලා ගෙදරින් එලියට අඩිය තියන්න යද්දිම ජිමින්ගෙ ෆෝන් එක වයිබ්‍රේට් වුණා
YOU ARE READING
"𝐂𝐚𝐧 𝐮 𝐤𝐞𝐞𝐩 𝐡𝐨𝐥𝐝𝐢𝐧𝐠 𝐦𝐲 𝐡𝐚𝐧𝐝𝐬?✨"-JIKOOK ✓
Non-Fiction"මිරිඟුවක හිත තියලා,නුඹ දුරක ඇදුණා....." අහිංසක පාත්තස්ගේත් නරුම ජන්කුකීගේත් විවාහ ගමනේ අදියර •1• 𝔟𝔩 𝔰𝔪𝔲𝔱 𝔯𝔬𝔪𝔞𝔫𝔠𝔢 𝔯𝔦𝔠𝔥 𝔞𝔫𝔡 𝔭𝔬𝔬𝔯 top : jk bottom : jm side ships : taegi namjin