𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 15🌻

557 113 80
                                    

අනිත් කට්ටියගෙ උදව්වෙන් හොටෙල් එකට ආපු ජිමින් ජන්කුක් එනකන් බලාගෙන හිටියත් හොස්පිටල් එකෙන් ගිය ජන්කුක් තවමත් ආපු නැති නිසා බයෙන් හිටියෙ.ජිමින් කියන්නෙ නාඳුනන මනුස්සයෙක්ට කරදරයක් වුණත් ගොඩක් වද වෙන කෙනෙක්.මොනදේ කරත් ජන්කුක් ගියේ නම් ජිමින්ට කරදර කරපු මිනිස්සු හොයාගෙනයි කියන එක අනිත් අයත් හොඳටම දැනගෙන හිටියා...

අනිත් පැත්තෙන් ටේහ්‍යන්ග් පොඩි කාරණාවක් නිසා යුන්ගිගෙන් සමාව ඉල්ලන්න හිතාගෙන එයා එක්ක කතා කරන්න හැදුවත් ඒක කරන්න බැරි වුණා...
පාන්දර 1 පහු වෙනවත් එක්කම චූටියට නිදි මතක් දැනුණත් නිදා ගන්නෙම නෑ කියලා ජිමිනි හිතාගෙන හිටියා...ඒත් නොදැනුවත්ම තිබිච්ච ඇඟේ අමාරුවට එයාට නින්ද ගියා...
.
.
.
.
.
.
.
.
.
.
.
උදෙන්ම මූණට වැටුණු ඉර එලියටයි කනට ලාවට ඇහුණු කාගෙහරි කටහඬකටයි නින්දෙන් ඇහැරුණු ජිමින් ඇස් ඇරලා ඇඳේ එහා පැත්ත බලනකොට දැක්කේ ෆෝන් එකෙන් කාත් එක්කහරි කියවන ජන්කුක්ව...හැමදාම වගේ තමයි-කුක්කා හිටියෙ පෑන්ට් එකක් ඇඳගෙන විතරයි!
ජන්කුක්ට කරදරයක් නොවෙන විදිහට එයා කතා කරන දේවල් ජිමිනි අහන් හිටියා...

"ඔව් අප්පා...මං හැමදේම බැලුවා..එයා තාම නිදි.."

"..............................."

"නෑ නෑ මං කිව්වනෙ!විනාඩි දහයක් දෙන්න මං පල්ලෙහාට එන්නම් ඕකේ?"

"..........................."

"හරී.ඉන්න එන්නම්!"

කෝල් එක කට් කරපු ජන්කුක් ඇඳෙන් බිමට පැනලා ඇඳුමක් ඇඳගන්න ක්ලෝසෙට් එකට ගියේ ජිමින් දිහා බලන්නත් අමතක නොකරයි...

"ජන්කුක් ඔයා කීයටද ආවෙ?කව්ද කෝල් කරේ?ඔයාගෙ අප්පාද?"

"හ්ම්ම්"

"ආ?කට ඇරලා කියන්නකො?"

"ආශ්! ඔව් ඕයි ඔව්...අද එයාලා යනවනෙ ආපහු ගෙදර...මං එයාලට බායි කියලා එන්නම්"

"ආ..........ඔව්නෙ...අනේ මට අමතක වුණා.අප්පා එක්ක මං ඊයෙ කතා කරෙත් නෑ.. එයාලා අද යනවනේ..අනේ මාත් එන්නම් ද?"

"පිස්සුද තමුසෙට ආහ්?ඔහොම එනවද එයාලා ඉස්සරහට..මගෙ අප්පා දැක්කොත් තමුසෙව හරියට බලාගත්තෙ නැතුව මොනාද කරේ කියලා මට බනී..මං කිව්වා ඔයාට බඩේ අමාරුවක් නිසා නිදි කියලා.අව්ලක් නෑ..."

"𝐂𝐚𝐧 𝐮 𝐤𝐞𝐞𝐩 𝐡𝐨𝐥𝐝𝐢𝐧𝐠 𝐦𝐲 𝐡𝐚𝐧𝐝𝐬?✨"-JIKOOK ✓Where stories live. Discover now