𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 11🌻

549 108 55
                                    

තරු පහේ හොටෙල් එකේ කෙලවර VIP ටේබල් එකක කට්ටියක් ඩිනර් එක අරගන්න ගමනුයි හිටියෙ...
නමුත් එතන හිටපු කෙනෙක්ගෙ මූණ මැලවිලා තිබුණ හැටි දකින ඕනම කෙනෙක්ට පේනවා....මේ දිහා බලාගෙන ඉඳලා බැරිම තැනයි මිස්ටර් ජියෝන් කෑම මේසේ ඉද්දිම කතා කරේ.....

"පුතේ චිමී,මොකද නිකන් අප්සට් එකේ ඉන්නෙ හ්ම්ම්??"

"ආ...මුකුත් නෑ අප්පා...නිකන්!"

"නිකන් වෙන්න නං බෑ.. වෙනදට හොඳට කියවනව නේ...මොනාහරි වුණාද චිමී?ජන්කුක් මොනවහරි කිව්වද??"

"ම...මට ඔලුවෙ කැක්කුමයි අප්පා.. ඒක නිසා වෙන්න ඇති..අනේ මං ගැන වද වෙන්නැතුව කන්නකො අප්පා..."

බොරු මවා ගත්ත හිනාවක් එක්ක ජිමින් එහෙම කිව්වට එයා ඉන්නෙ ටිකකට කලින් හොබී ලඟ ඉඳන් අඬලා....
ජන්කුක් හිටියෙ මේ හැමදේම හොරා වගේ අහන්!

"සෙමි සැලඩ් එකහ්.."

ටේටේගෙ ඔම්මා එහෙමත් නැත්තම් මිසිස් කිම් මිසිස් ජියෝන් ලඟ තිබුණ සැලඩ් එක ඉල්ලනකොට ජිමින් ඒක අරන් දෙන්න ඉදිරිපත් වුණා...ඒත් ඒ වෙලාවෙ වුණේ නම් වෙන දෙයක්....

"මෙන්න...."

"මං ඔයාගෙන්ද ඉල්ලුවෙ ආ??...මට එපා!"

මිසිස් කිම් එහෙම කියල ආපහු මොකුත් නොවුණ ගාණට කනකොට ජිමින්ගෙ අතට ගත්ත සැලඩ් එක එහෙම්ම තිබුණා....ජන්කුක් හිටියෙ ජිමින්ගෙ එහා පැත්තෙ නිසා එයා ඒක හොඳටම දැක්කා...ඒ වගේම අනපේක්ෂිත විදිහට මිස්ටර් පාර්කුත් මේක දැක්කා...

තමන්ට හිනා වෙචච් ජිමිනුත් මුකුත් නොවුණ ගාණට නැවත කන්න පටන් ගත්තා...

හැමෝම ඩිනර් එක අරන් ඉවර වෙලා ටේටේගෙ යෝජනාවකට හොටෙල් එකේ අවුට් සයිඩ් එකට ආවා..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
"𝐂𝐚𝐧 𝐮 𝐤𝐞𝐞𝐩 𝐡𝐨𝐥𝐝𝐢𝐧𝐠 𝐦𝐲 𝐡𝐚𝐧𝐝𝐬?✨"-JIKOOK ✓Where stories live. Discover now