𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 20🌻

490 103 51
                                    

මෙච්චර වෙලා ජිමින් කියපු හැම දේම හොඳින් අහන් හිටපු ජන්කුක්  කවුච් එකෙන් නැගිටලා කිචන් එකට ගියා...
ජිමින්ට පුදුමයි ජන්කුක් මුකුත්ම නොකියා ගිය එකට.

'මොනවත් කිව්වෙ නෑ'
'මං දන්නවා එයාට මේ දේවල් වැඩක් නෑ කියලා'
'මටත් කට වහගෙන ඉන්න බැරි කමට මේ පොඩි දේ ඒ මෝඩයට කිව්වා නේ!'
'ඔව් එයාට වැඩක් නෑනෙ මේ වගේ දේවල්,හුම්'

"ජිමින්!"

කිචන් එකේ ඉඳන් ජන්කුක් කෑ ගැහුවා

"ඒයි තාරාවෝ කන ඇහෙන්නැද්ද ?"

ජන්කුක් තමන්ට අඬගහපු නිසා ජිමින් කිචන් එකට ඔලුව දාලා බැලුවා

"ඕ කියන්න ජන්කුක්"

ජන්කුක් හිටියෙ මොනවහරි හදන ගමන්...

"ඔයා කාලද ඉන්නෙ?"

"ආ?"

ජිමින්ට ඒක ඇහුණෙ හීනෙන් වගේ.

"ආශ්,කන ඇහෙන්නැද්ද තමුන්ගෙ?මං ඇහුවෙ ඩිනර් එක ගත්තද කියලා"

"තාම නෑ ඇයි?"

"එහෙනම් ටිකක් ඉන්න,මං කෑම හදලා ඉවර වුණාම එකටම කමු"

තමන් කපාගෙන හිටපු එලවළු ටික භාජනයකට දාන ගමන් ජන්කුක් කිව්වා.

'අනෙ ඔම්මා!මං හීනෙක නෙවෙයි නේද මේ ඉන්නෙ??'
'මේ මිනිහා මට එකට කෑම කමුයි කිව්වා නේ??'
'නෑ ජිමින් ඕනෙ නෑ තවත් නෝන්ඩි වෙන්න'

"එපා ජන්කුක්!ඔයා වද වෙන්න ඕන්නෑ,මං මොනාහරි හදාගෙන කන්නම්"

මෙච්චර වෙලා උයන වැඩ වල හිටපු ජන්කුක් ජිමින් දිහාවට හැරුණා.

"මේ ජිමින්!සැරයක් කිව්වා නෙ මං ඩිනර් එක රෙඩි කරන්නම්,දෙන්නම කමු කියලා.ලොකු ඔලුව පෙන්නන්නෙ නැතුව ගිහින් ටීවි බලනවා.රෙද්ද!"

පිහියත් එහෙට මෙහෙට දික් කරගෙන ජන්කුක් තර්ජනාත්මක විදිහට ජිමින්ට එහෙම කියලා ආපහු තමන්ගෙ වැඩ වලට අවධානය දුන්නා.

"මේ....එහෙනම් මාත් උදව් කරන්නම්ද?"

ජන්කුක් ලඟට හිමිහිට ඇවිත් උරහිස උඩින් එබිලා බලපු ජිමින් ඇහුවා.

"𝐂𝐚𝐧 𝐮 𝐤𝐞𝐞𝐩 𝐡𝐨𝐥𝐝𝐢𝐧𝐠 𝐦𝐲 𝐡𝐚𝐧𝐝𝐬?✨"-JIKOOK ✓Where stories live. Discover now