Possessive. සමහරක් අය එයාලා ආදරේ කරන අයට ආශ්රය කරන අයට පොසෙසිව්. එයාලා කැමති නෑ තමන් ආදරේ කරන අයව කාත් එක්කවත් බෙදාගන්න. ඒත් කවුරුත් අහන්නේ නෑ ඇයි ඔයා ඔච්චර පොසෙසිව් කියලා. කවුරුත් කවදාවත් නිකන් පොසෙසිව් වෙන්නේ නෑ. ඒ පොසෙසිව් කියන අකුරු හතර ඇතුළේ ඒ කෙනාගේ හැඟීම් ගොඩක් එකතු වෙලා තියෙනවා. පොසෙසිව් මිනිස්සු එයාලා ආශ්රය කරන මිනිස්සු එහෙමත් නැත්තම් එයාලා බෙදාගන්න අකමැති අය වෙන කාත් එක්ක හරි කතා කරද්දි ඉරිසියයි. ඒ නිසා තරහ වෙනවා කියලා මිනිස්සු කිව්වාට ඒක ඇත්ත නෙමේ. එයාලා බයයි. එයාලා බයයි එයාලා ආදරේ කරන අයට එයාලාව එපාවෙයි කියලා. එයාලා බයයි එයාලා ආදරේ කරන අය තවදුරටත් එයා එක්ක ඉන්නේ නැතිවෙයි කියලා. පොසෙසිව් අය එයාලගේ විතරයි කියලා සමහරක් අයව සලකනවා. පොසෙසිව් කෙනෙක් එයා පෙසෙසිව් විදිහට ඉන්න කෙනෙක් එයා නැතුව වෙන කෙනෙක් ගැන හෙව්වත් එයාලාට ඉක්මනට දුක හිතෙනවා. සමහරක් වේලාවට පොසෙසිව් අය එහෙම වේලාවල්වලට කතා නොකර ඉන්නවා. එයාලා බයයි. මේ පොසෙසිව් අය නිකන්ම පොසෙසිව් වෙන්නේ නෑ. කාලයත් එක්කයි වෙන්නේ. ගොඩක් වේලාවට පොසෙසිව් අය වෙන්වේ සංවේදිම අය. සංවේදි අය මුල් කාලේ එයාලා ආදරේ කරන අයව බෙදාගන්නවා. ඒ මොනා වුණත් එයාලා ආදරේ කරන අය එයාලත් එක්ක ඉඳී කියලා. ඒත් ඒ ආදරේ කරන අය එයාව ගණන් නොගෙන අතැරියාට පස්සේ එන වේදනාව එක්ක තමා මේ පොසෙසිව් කම එන්නේ. පොසෙසිව් විදිහට ඉන්න අය තව කෙනෙක්ට පොසෙසිව් කියන්නේ එයා බයයි එයා නැතිවුණාම දැනෙන වේදනාවට. එයා බයයි එයා ආදරේ කරන අය එයාව නොසලකා හරිනවට. පොසෙසිව් අය වේලාවකට පොඩි දේටත් රණ්ඩු වෙනවා. ඒ අවිශ්වාසෙට නෙවේ ඒ හිත ඇතුළේ කීරි ගැහෙන බයට. පොසෙසිව් අයට එයාලා ආදරේ කරන අය වෙන කෙනෙක් ගැන මොකක් හරි හේතුවකට සැලකිල්ලක් දක්වනවා කියලා දැනුණොත් එවලේම එයාලට දුක හිතෙනවා. සමහරක් වේලාවට එයාලට ඒ දුකම නිසා සතියක් සමහරක් විට මාසයක් වුණත් අවුලෙන් ඉන්නවා. සමහරක් වේලාවට පොසෙසිව් අය එයාලගේ පොසෙසිව් ගතිය අඩු කරගන්න ට්රයි කරනවා ඒත් පොඩි වචන ටිකකින් ඒක ආය වැඩිවෙනවා හරියට වතුරෙන් මතුවෙන රබර් බොලේ වගේ. කවුරු මොනවා කොහොම කිව්වාත් එයාලට ඒ පොසෙසිව් ගතිය අයින් කරගන්න බෑ. හිතනවා නම් පොසෙසිව් අයගේ හිත් හරි බොළඳයි කියලා විඳලා බලන්න එයාලා හිටපු තැන ඉඳන් ඒ ජීවිතේ. එතකොට තේරුම් ගයි මේ පොසෙසිව් අයගේ හිත කියන්න කැඩෙන්න තරම්වත් කෑලි ඉතුරු වෙලා නැති හදවතක් කියලා. ඒත් පොසෙසිව් අය හිත පොඩ්ඩක් හරි හදාගෙන කෙනෙක්ට පොසෙසිව් වුණාම ඒ පොසෙසිව් වෙන කෙනා එයාව මඟඇරියොත් අර පොසෙසිව් මනුස්සයාට දැනෙන්නේ ඒ පපුව පැලෙන්න එන තරම් වේදනාවක්. ඒ නිසා කවුරුහරි කෙනෙක් කාටහරි පොසෙසිව් ගතියක් පෙන්නනවා වගේම ඒ බැඳීමෙන් අයින් වෙන්න ඕනේ නම් එයාලට කියන්න තියෙන දේ කියලා අයින් වෙන්න. පොසෙසිව් අයට එයාලා ආදරේ කරන අයම එයාව බැඳීමෙන් අයින් කරාම එයාලා කොච්චර හිත රිදුණත් එයාලා ආදරේ කරන අයගේ සතුට වෙනුවෙන් අයින් වෙනවා.
💌 හිතෙන්නේ මොනවද කියලා කියන්න මූන් බේබිස්.
💌 මූන් බේබිස් ඔයාලගේ අදහස් , චෝදනා මට කියන්න අනිවාරෙන් මේකට.
💌 සයිලන්ට් මූන් බේබිස්ලා කමෙන්ට්ස් වල අදහස් දාන්න අකමැති නම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. කැමති සයිලන්ට් මූන් බේබිස්ලා.
- මම වයිට් රෝස් ප්රින්ස් ❤️
YOU ARE READING
Heart to Heart
Poetryඑන්න අපි අපේ හැඟීම් බෙදාගමු. ( මෙම පොතේ ඇතුළත් සිතුවිලි මගේ කතාවලද ඇතුළත් විය හැකියි. )