සමහරක් ළමයි ඉපදෙද්දි අම්මලා මැරෙනවා නැත්තම් ඉපදිලා අවුරුද්දක් වගේ වෙද්දී අම්මලා මැරෙනවා. ඒ වගේම සමහරක් අම්මලා තමන්ගේම ළමයා එපා කියලා තමන්ගේ කසාඳේ කටු ගානවා. එතකොට ඒ අම්මා නැති ළමයාට අම්මා වෙන්නේ තාත්තා කියන පිරිමියා. අම්මා නැති දරුවෙක්ට දෙන්නේ පිටිකිරි. ඒකත් වෛද්යවරු නිර්දේශ කරපු එකක්. ඒ තාත්තා කෙනෙක්ට හරියට කිරි එකක් තමන්ගේ දරුවා වෙනුවෙන් හදාගන්න බැරිවුණාම ඇඬෙනවා. සමහරක් වේලාවට තමන්ගේම ළමයාට අම්මාගේ සුවඳ නැතුව නින්ද යන්නේ නැති වුණාම එයාගේ අම්මා වගේ සාරියක් නැත්තම් ගවුමක් ඇඳන් ළමයාව නිදිකරවනවා. සමහරක් වේලාවට ළමයා කිරි බොන්න කියලා තමන්ගේ කිරි නැති තනපුඩුව තමන්ගේ ළමයා ඒ චූටි තොල් තියලා උරද්දි තාත්තා ළමයට ඒක උරන්න දෙනවා. ඒ වෙන මොනවටත් නෙමේ. ආදරේට. තාත්තාගේ පපුව අස්සේ තියෙන ආදරේට. තාත්තා කෙනෙක් ඒ වගේ කැපකිරීම් කරද්දි ඒක නිකන් පිරිමිකමට නිගාවක් වගේ දකින්න එපා. ළමයා මහ පාන්දර අඬද්දි තාත්තා තමයි කිරි හදන්නේ. අච්චර මෙච්චර වැඩ තිබ්බත් තමන්ගේ දරුවා ක්ලිනික් ගාණේ අරන් ගිහින් අර ළදරු කෑම හදන්න ඉගෙනගන්නවා. ඒ මොකටද ? වැඩ නැති නිසාද ? නෑ. පපුවේ තියෙන ආදරේට. සමහරක් තාත්තලා ආය බඳින්නේ නැතුව තමන්ගේ දරුවා හදාගන්නවා. උණක් හැදුණත් ඒ පිරිමි පපුව පැලෙන්න වගේ රිදෙනවා. ගැහැණියක් විතරක්මද අම්මා වෙන්නේ ? ඇයි පිරිමියෙක්ට බැරිද ළමයෙක්ට අම්මා කෙනෙක් වෙන්න ? තාත්තාත් හොඳ ගුරුවරයෙක් , උපදේශකයෙක් , නීතිකාරයෙක් , විහිළු කාරයෙක්. තාත්තා කෙනෙක්ට වුණත් පුළුවන් ළමයෙක්ට යහපත් මාර්ගේ යන්න කියලා දීලා වැටුණු තැනදි නැගිට්ටවලා ආය යන්න කියලා දෙන පහන් එළියක් වෙන්න. අම්මාට කියන ගාථාවම තාත්තාට කියලා වැන්දොත් පව් පිරෙනවාද ? අම්මා දස මාසයක් කුසේ තියන් දුක්විඳිද්දි තාත්තා දස අවුරුද්දක් දුක් විඳලා ලොකු මහත් කරේ නැද්ද ? පෝෂණය කරේ නැත්ද ?. තමන්ගේම දරුවා කෙලසන සමාජෙක තමන්ගේ දරුවා දිහා බැල්මකින්වත් අපිරිසිදු නොකර හදපු තාත්තාට අම්මා කෙනෙක් කියලා කියන්න බැරිද ? තාත්තා කියන්නෙත් සමහරක් ළමයිට අම්මා කෙනෙක්. සමහරක් ළමයිට තාත්තා කෙනෙක්. ඒ නිසා පරිසමාප්ත අර්ථයෙන්ම තාත්තා කියන්නෙත් නොමියෙන පහන් දැල්ලක්.
- මම වයිට් රෝස් ප්රින්ස් ❤️
YOU ARE READING
Heart to Heart
Poetryඑන්න අපි අපේ හැඟීම් බෙදාගමු. ( මෙම පොතේ ඇතුළත් සිතුවිලි මගේ කතාවලද ඇතුළත් විය හැකියි. )