❤️ අම්මා ❤️

55 6 5
                                    

ලේ කිරි කරලා පෙව්වොත් විතරමද අම්මා ? අම්මා කෙනෙක් කියන්නේ කසාඳ බැඳලා ළමයෙක් වඳපු කෙනෙක්ටමද ? අම්මෙක් තාත්තෙක් නැති ළමයෙක්ට ගැහැණියක් පිරිසිදු සිතුවිල්ලකින් අම්මෙක් වෙනවා නම් ඒ ගැහැණියත් අම්මෙක්. සමහරක් අම්මලා ළමයි තමන්ගේ පෞද්ගලික හේතු වලට දාලා යද්දි තනියෙන් වුණත් තව ගැහැණියක් ⁣තමන්ගේ නොවුණ දරුවෙක්ට අම්මෙක් වෙන්න හිතනවා කියන්නේ එයත් අම්මෙක් කියලා. බිළිඳු වයසේ ඉඳලා නොහැදුවා කියලා තව ගැහැණියකට අම්මෙක් වෙන්න බෑ කියලා කියන්න බෑ. ඇයි අවුරුදු හතරකට පහකට පස්සේ හැදුවොත් අම්මෙක් නෙමේද ? සමහරක් අම්මලා මොන දේ වුණත් තමන්ගේ ළමයි හදාගන්නවා. ඒ නිසා කටක් ඇරලා කියන්න එපා ඒකි මහ එපා කරපු ගෑණියක් කියලා. මොකද ඒ වචන ටික අහගෙන පවා ඒ අම්මා ඒ දරුවාව උස්මහත් කරනවා. අම්මෙක් කියන්නේම හොඳ ගුරුවරියක් , උපදේශිකාවක් , යාළුවෙක් , විහිළුකාරියක් , නීතිකාරියක්. අම්මෙක් කියන්නේ දරුවෙක්ට යහපත් මාර්ගේ පෙන්නලා ඒකේ තනියෙන් ඇවිදින්න දීලා ඒ මාර්ගේ වැටුණු තැන නැඟිටින්න කියලා දෙන එළියක්. අම්මා කියන්නේ ඉස්සර කෙල්ලක්. ඒත් ඒ අම්මා කියන කෙල්ල තමන්ගේ ආසාවල් ඔක්කොම අතාරිනවා තමන්ගේ දරුවා වෙනුවෙන්. අම්මා තමන්ගේ දරුවා වෙනුවෙන් හැමදේම ඉතුරු කරනවා. තමන්ගේ ආසාවල් තමන්ට නැතිවුණා කියලා අම්මෙක් ළමයෙක්ට සාප කරන්නේ නෑ ආශිර්වාද කරනවා ඇරෙන්න. වෙන දරුවෙක් හැදු වැඩු අම්මලාත් එහෙමයි. ඒ නිසයි වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම අපි තමන්ගේ ආසාවල් දරුවෙක් වෙනුවෙන් කැපකරපු ඒ උතුම් ගැහැණියකට අම්මා කියන්නේ. අම්මා කියන්නේ දරුවෙක්ගේ ජීවිතේට නොමියෙන පහන් දැල්ලක්.


- මම වයිට් රෝස් ප්‍රින්ස් ❤️

Heart to HeartWhere stories live. Discover now