දෙවන දිගහැරුම 🐅

830 114 18
                                    

ටේහියුන් ආවෙ තමන්ගෙ හොදම යාලුවා වෙච්ච ජිමින් ව හම්බවෙන්න . ගෙදරට ජිමින් ඇක්සිඩන්ට් වෙලා කියල බොරු කියපු ටේහියුන් ආවෙ ඒ දෙන්නා හැමදාම හම්බවෙන කැෆේ එකට.

මට නම් බෑ ජිමින් මේක කරන්න

ටේහියුන් ජිමින් හිටපු ටේබල් එකේ වාඩි වෙන ගමන් ම ජිමින් ට කිව්වා.

කලබල නොවී කියන්න මොකක්ද උනේ කියල

ජිමින් කිව්වෙ වේටර් ගෙනත් තිබ්බ හොට් චොකලට් දෙකෙන් එකක් අරගෙන බොන ගමන්.

ටේහියුන් තමන්ට ජියෝන් ඇමතිතුමා ගෙනාපු යෝජනාව , ඊයේ තමන්ගෙ පියාගෙ හැසිරීම වගේම අද ජියෝන් ඇමැති තුමාලගෙ පැමිණීම ගැනත් ජිමින් ට පැහැදිලි කලා.

ඕ ඒ කියන්නෙ දැන් උබ ඇමැති බෑනෙක්.

ජිමින් කිව්වෙ අත්පුඩියකුත් ගහන ගමන් සතුටින් . ඒත් ජිමින් තමන් මොකක් හරි වැරදි දෙයක් කිව්ව කියල තේරුන් ගත්තෙ ටේහියුන් ගෙ මැලවුන මූන නිසා.

මං කැමති නෑ මේ කසාදෙට

ටේහියුන් කිව්වෙ බිම බලාගෙන වේදනාවෙන්.

ඇයි 

ඔයාට මතකඑදා මං කොෆී එක හලපු කෙනා

අර එදා වැස්ස දවසෙ

හ්ම්.

---Flashback ---------------

ජිමිනුයි මමයි අපේ සෙට් එකේ අනිත් තුන් දෙනයි එක්ක එලියට ගිහින් කාල ආයෙමත් යුනි එකට එන ගමන් හිටියේ . අහස අදුරු කරගෙන වැස්සක් එන බව කියද්දි කකුල් ඉක්මන් කරල අපි කැම්පස් එකට එන්න ආවෙ අතේ කුඩයක් වත් නැති නිසා  . පාන්දරත් වැහැපු නිසා පාර දෙපැත්තෙ තවමත් දිය සීරාවල් තියෙද්දි ඒවා උඩින් පැන පැන අපි දුවන්න ගත්තෙ ලා වට වැහි පොද එක දෙක වැටෙද්දි. අපි පස් දෙනා ලාවට තෙමීගෙන යුනි එකේ ගේට් එක ගාවට එනවත් එක්කම එතනින් ගිය කලු පාට bmw කාර් එක නිසා පාරෙ ගලාගෙන ගිය මඩ වතුර පාරට අපිව නෑවුනා.

Wings of Love ❤ | TK | ✔️Where stories live. Discover now