තෙවන දිගහැරුම 🐅

732 109 5
                                    

ජියෝන් පවුල පිටත් වී ගිය පසු පඩිපෙළ නගිමින් උන් ටේහියුන් නතර වී නාද වන දුරකතනය අතට ගද්දි නොදැනුවත්වම පඩිපෙලෙහි අත් වැට තදින් අල්ලා ගත්තෙ තිරයේ දිස් වූ නම නිසාවෙන් .

Mine mochi bee 🐥

අනේ ටේටේ .....

ජිමින් මොකද උනේ

.............

ඕයි . කතා කරනවකෝ බය නොකර. ජිමින් ... ජිමින්

ටේටේ යුන්ගි හියුන් ...... අනේ මට බයයි

මොකක්ද කියන්නෙ . ජිමින්

අනේ ටේටේ යුන්ගි හියුන් ඇවිත් . මං මොකක්ද කරන්නෙ

මොකක්ද ... හරි දැන් ඔයා කොහෙද ඉන්නෙ කියන්න

ගෙදරට හැරෙන පාරේ අර වංගුව හරියේ.

හරි ඔයා පාරෙ අනිත් පැත්තට මාරු වෙන්න

හම්.

ජිමින්ගෙ ගෙවල් තිබුනේ ප්‍රධාන පාරෙන් ඇතුලට වෙන්න. ඉතිං ජිමින් ප්‍රධාන පාරෙ ඉදල මීටර් තුන්සීයක් විතර ඇතුලට අතුරු පාරක යන්න ඕන. ජිමින් ගොඩක් වෙලාවට මේ දුර එන්නෙ පයින් . ජිමින්ගෙ දෙමාපියන් ගොඩක් කාර්‍යබහුල නිසා ජිමින් ආවෙ ගියෙ ටේහියුන් එක්ක. හැබැයි මීට ටික කාලෙකට කලින් හෝසොක් එක්ක හරි යුන්ගි එක්ක හරි .එහෙම නැත්තම් ඒ දෙන්නම එක්ක හරි . හැබැයි ඒ කාලෙකට කලින් . ඒත් දැන් ටික කාලෙක ඉදන් ඒ කියන්නෙ මාස තුනක විතර ඉදල ජිමින් යුන්ගිව මගහරිනවා.

ටේහියුන් ට පරක්කු වෙන නිසා ජිමින් ටේහියුන් ට කියල බස් හෝල්ට් එකට ගෙනත් දාගෙන බස් එකක ආවා. අතුරු පාරෙ මායිමට තිබ්බ පීසා හට් එකෙන් පීසා එකකුත් ගත්ත ජිමින් පීසා එක මූනට ලං කර ගෙන සුවද විදින ගමන් ආවත් ජිමින් එක පාරටම නැවතුනේ තමන් ඉදිරියේ තමන්ට පිටුපාල දුරකතන සංවාදයක යෙදෙන පුද්ගලයා නිසා . ඇත්තටම කිව්වොත් මේක වංගුවක්. පුංචි කන්දක් එක්ක තියෙන වංගුවක් . වංගුව හැරුන ගමන් තියෙන දෙවෙනි ගෙදර තමයි ජිමින්ගෙ ගෙදර . ජිමින් හිටියේ කදු ගැට්ටෙ මුදුනෙ. එතකොට යුන්ගි , යුන්ගි හිටියේ ජිමින්ගෙ ගෙදර තාප්පෙ පටන් ගන්න තැන පල්ලමේ. යුන්ගිව දැකපු ජිමින් ආයෙමත් හැරෙන හැදුවත් ජිමින් පරක්කුයි. ඒ වෙනකොටත් යුන්ගි ජිමින් ව දැකල ඉවරයි . ඉතිං ආයෙමත් හැරිල යන්න බැරි නිසාම ජිමින් ටේහියුන් කිව්ව විදිහට පාරෙ අනිත් පැත්තට පැනල ගේට් එක ඉස්සරහින් ආයෙමත් පාර මාරු උනා. 

Wings of Love ❤ | TK | ✔️Where stories live. Discover now