සයවන දිගහැරුම 🐅

644 82 2
                                    

තැන නුහුරු නිසාම වෙනද වෙලාවටත් කලින් ඇහැරෙද්දි මට දැනුනේ නුහුටු උනුසුමක්. ඇස් ඇරපු ගමන් පෙනුන දේ නිසා ආයෙමත් දෙතුන් පාරක් ඇස් පිල්ලම් ගහල බැලුවෙ ඇත්තටම මොකකද කියක බලන්න.

මං කොයි වෙලේද මෙයාගෙ අස්සට ආවෙ.

මං ඇස් අරිද්දි හිටියෙ ජන්කුක්ගෙ බෙල්ල අස්සෙ. මොනා උනත් එතන හරි සනීපයි. ඒත් මෙයා නැගිට්ටහම මොනා කියයි ද දන්නෙ නෑ නේ  . ඒ හින්දම ජන්කුක්ගෙ අත් අස්සෙන් එලියට ඇවිත් කොට්ටෙන් ඔලුව තියාගත්තෙ වෙනදට මම තව ටිකක් වෙලා ගිහින් නැගිටින නිසා.
ජන්කුක්ගෙ ඇස් සාමකාමීව පියවෙලා තිබුනා. ඇත්තටම ජන්කුක් කඩවසම් . ඒකෙ කිසිම තර්කයක් නෑ . ඒත් ඔයා...

දන්නවද මං ඔයා ගැන හිතන්න හදන හැම වෙලාවෙම මට මතක් වෙන්නෙ මගෙ හියුන් ව. මට මගෙ හියුන්ව නැති කලේ ඔයාගෙ අප්ප වගෙම ඇමති කෙනෙක් . අන්න ඒ නිසාමයි මං එයාලට වෛර කරන්නෙ. සමහර විට ඔයාගෙ අප්ප සාමන්‍ය කෙනෙක් උනානම් මෙ වෙද්දි අපි ආදරේ කරන්න ඉඩ තිබ්බා. ඒ කොහොම උනත් මං හිතන්නෙ මම ඔයාට කැමති වෙන්න පටන් අරගෙන.

තාමත් මට අකමැති

ජන්කුක් ගැන කල්පනාවෙ හිටපු මං ගැස්සුනේ ජන්කුක්ගෙ කටහඩට . ජන්කුක්ගෙ ඇස් වල උතුරන ආදරේ මට අපහසුවක් වෙද්දි මම එයාගෙ තුරුලින් අයින් වෙන්න හැදුවත් උනේ ජන්කුක්ගෙ අත් තවත් තදින් මගෙ බද වටේ එතුනු එක.

ජන්කුක් අයින් වෙන්න පරක්කු වෙනවා.

තාම පහයි . තව වෙලා තියෙනවා.

ගෙදරට ගිහින් ඕන මම යන්න.

ඒත්..

ජන්කුක් ජන්කුක් .... චූටි පුතාවත් එක්කගෙන එන්න තේ බොන්න.

ඒත් එක්කම දොරින් එහා පැත්තෙ ඇහුනේ ජියෝන් ආන්ටිගෙ කටහඩ. ජන්කුක් ඒකට අවධානෙ දෙනකොට ඒ සැනින් ජන්කුක්ගෙ අත් අතරින් මිදුන මං දිව්වෙ බාතෲම් එකට.

Wings of Love ❤ | TK | ✔️Where stories live. Discover now