පස්වන දිග හැරුම 🐅

680 91 3
                                    

මං යුනිවර්සිටි එකට එද්දිත් ජිමින් ඇවිත්. වෙනදට ජිමින්වත් මගින් දාගෙන ආවත් අද පරක්කු හින්ද ජිමින්ට එන්න කියල මං ආවත් ජිමින් මං එනකන් කැෆටේරියා එකේ බලන් ඉන්නව. තව මාස දෙකයි එතකොට අපි ග්‍රැජුවේට් වෙනව. මේ දවස් වල අපි එන්නෙ අපේ බැජ් එකට පස්සෙ බැජ් එකෙ අයගේ රිසර්ච් එකකට උදව් කරන්න . කොටින්ම කිව්වොත් අපි එක්සෑම් එක පවා කරල ඉවරයි. මං එනව දැකපු ජිමින් ඉන්න තැනින් භාගෙට ඉස්සිගෙන අත වනනව .

මට උබට කියන්න දෙයක් තියෙනවා.

මං බෑග් එක ගලවල ටේබල් එක උඩින් තියන ගමන් ජිමින්ගෙ ඉස්සරහයින් වාඩි උනා. ජිමින් සීරියස් මූඩ් එකෙන් මං දිහා බලන් ඉදල ගෙනල්ල තිබුනු බීම එක මගෙ පැත්තට තල්ලු කලා.

මොකක්ද

මං ජන්කුක්ව මැරි කරන්න කැමති උනා.

ජිමින්ගෙන් මං පුදුම වෙලා කෑගහනව වගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනත් ජිමින් ආයෙමත් පුටුවෙන් කෙලින් වෙලා අත් දෙකත් ටේබල් එකෙන් තියාග්‍ර්න බැරෑරුම් දෙයක් කියන්න යන්නෙ කියල මට හිතුනා.

මං නම් කියන්නෙ උබ ඔය තීරනේ ගන්න පරක්කු උනා කියල

ඇයි උබ එහෙම කියන්නෙ

මෙච්චර දවසක් මේක නොවෙන තැනට වැඩ කරන්න ලෑස්ති උන එකා අද මෙහෙම කියද්දි මට පුදුම හිතුනා .

නෑ ඉතිං . ජන්කුක්ගෙ කියන තරමක වැරැද්දක් පේන්න නෑ . අනික උබට අකමැති වෙන්න කොහෙත්ම හේතුවක් නෑ නෙ ටේයා.

මට හේතුවක් තිබුනා

මම බීම එකත් මේසෙ උඩ සද්දෙන් තියන ගමන් කියද්දි මං ඒක ටිකක් සද්දෙන් කියල කියල තේරුනේ වටේ පිටේ අය අපි දෙන්න දිහා බලද්දි. වටේටම හීනි හිනාවක් දාපු මං ආයෙමත් ජිමින් දිහා බලද්දි ඌ බිම එකත් කටේ තියාගෙන හිටියෙ නෝන්ඩියට.

උබේ ඔය මහ ලොකු හේතුව එදා වෙච්ච දේ නම් ඒක සාධාරණ හේතුවක් නෙවෙයි කියල හොදට මතක තියාගනින්. අනික එදා වැඩිම හානියක් උනේ ජන්කුක්ට

උබට මොකක්ද එක පාරට උනේ.

මොකක් ගැනද අහන්නෙ

Wings of Love ❤ | TK | ✔️Where stories live. Discover now