04

235 47 143
                                    

වේදනා.... ශරීරයේ මස්පිඩුවක් ගානෙ රිදුම් දෙන වේදනාව, ඒත් ඇස් අරින්නම ඕනෙ, අලුත් දවසට මූණ දෙන්නම ඕනෙ.

නිවර්තනා අමාරුවෙන් ඇස් ඇරියා. Lavender මල් මුසු වුණ Air freshner සුවඳ අභිබවා දැනුනෙ දහඩිය මිශ්‍ර මත්පැන් සුවඳක්. ඒ තමන්ගෙන්ම නැගෙන අමිහිරි ගන්ධය බව ඇයට තේරුණා.

පෙර දින සිදුවුණ සිදුවීම් තැනින් තැන මැකී ගිය සිනමා පටයක් වගේ දැනුනත් තමන් අවසානයේ හෝටල් කාමරයට ආවෙ කොහොමද කියලා ඇයට මතක් කරගන්න අපහසු වුණා.

මුහුදු වැලි තැවරුණු දෙපා පිටින්ම නින්දට වැටී ඇති බව ඇයට වැටහුණේ ඇඳ පුරා විසිරිලා තිබුණ වැලි කැට දැක්කම. විසිරුණේ වැලිකැට විතරයි ද කියලා මොහොතකට ඇය කල්පනා කළේ හෘදයවස්තුව අධි වේගයෙන් ගැහෙන්න පටන් ගනිද්දි.

ඒත් ශරීරයෙන් නිකුත් වුණ සංඥා ගැන කල්පනා කරද්දි එහෙම දෙයක් කිසිම විදියකින් සිදු නොවූ බව ඇයට තේරුණා. එහෙනම් සිදුවුණේ මොකද්ද කියන එක ඇයට ප්‍රෙහෙලිකාවක් වුණා.
.
.
.
.
.
" අහ් නිවා ඇහැරුණාද?" එකපාරටම කාමරයේ දොර ඇරගෙන ආව හිරණ්‍ය එහෙම ඇහුවේ නිවර්තනා අමාරුවෙන් ඇඳෙන් බැහැලා තේ එකක් හදාගෙන බොන අතරෙ.

" ඔව් "

" ඊයෙ වැඩේ නියමෙට කළා ආ..."

" මොන වැඩේද?"

" මම කිව්ව වැඩේ"

" ආ... ඔයාගෙ කුඩු සප්ලයි කරන වැඩේද? මම හිතුවෙ නෑ ඔච්චර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වුණ ඔයා drug user කෙනෙක් කියලා. ලැජ්ජයි. මාව මොන එහෙමකට ද ගාව ගත්තෙ මේකට. මම මොනවා කළාටද"

" දකින හැම දේම ආ හරි ඒක එහෙමයි කියලා ඇයි ගෑනු විශ්වාස කරන්නෙ?" හිරණ්‍ය එහෙම ඇහුවෙ හිනා වෙන ගමන්.

" මම ඇස් දෙකෙන් දැක්කනෙ. මට කරුණාකරලා යන්න දෙන්න. මම ජීවිතේ කිසිම දවසක මේ වගේ ජරා වැඩ කරලා නෑ. තමුසෙ මාව විනාශ කළා."

" මේ මැඩම්, ඔච්චර වල්ගෙ පාගගෙන නටන්න දෙයක් වුණේ නෑ මෙතන. අනික තමුසෙගෙ ඉලව් හෝටලේ නිසා මට වුණ නෙගටිව් ඉම්පැක්ට් එක... ඒකට තමා තමුසෙ මේ ගෙවන්නෙ."

" ගෑනි පැනලා ගිය එක මොකද්ද හලෝ drug user කෙනෙක්ට, ඔයා ගෑනු කීයක් එක්ක නිදාගෙන ඇද්ද ඕවා අරගෙන"

🌸 නිදහස් හදවත් 🌸 [COMPLETED]Wo Geschichten leben. Entdecke jetzt