Retrospective events
One Galle Face Mall
Radient Skin Clinic
Grand Opening Ceremony" මොකද්ද වෙන්නෙ? ඇයි ස්ක්‍රීන් එක ස්ටක් වුණේ?"
" Mr Wickrama බය වෙන්න එපා. අපි ඉක්මනට ඒක sort out කරනවා."
ඒ එක්කම තිරය දැල්විලා හිරණ්‍ය පෙනී සිටිද්ද වික්‍රමට දැනුනා නළලින් හීන් දාඩිය බිංඳු මතුවෙන බව.
" මූ එහෙනම් මාව විනාස කරන්න යන්නෙ"
හිරණ්‍ය ඉන්නෙ ආරුගම් බේ බව කිව්ව ගමන් සියල්ල නොහිතූ විදියට විනාස වෙන බව වික්‍රම දැනගත්තා.
වසරකට පෙර
" තාත්තා මට කියන්න ඇයි එයාට අකමැති , එයා තාත්තා ළඟ ඉන්න හොඳම මැනේජර්"
" සංසලා ඔයාට මේවා තේරෙන්නෙ නෑ. මගෙ ළඟ ඉන්න කෙනෙක් නෙවෙයි ඔයා මැරි කරන්න ඕනෙ. පිට කෙනෙක්ව. අපේ බිස්නස් සක්සස් වෙන්නෙ එහෙම. ඇතුළෙ වැඩ කරන එකෙක්ව බැඳලා කිසිම දෙයක් අපිට අලුතින් ලැබෙන්නෙ නෑ."
" ඒත් තාත්තා... මම නිල්හාන්ට ආදරෙයි"
" ආදරේ කියන්නෙ වචනයක් විතරයි දරුවෝ"
" ඒත් තාත්තා දන්නවනෙ නිල්හාන් ගැන. එයා පොඩි කාලෙ ඉඳලම තාත්තා ළඟ හිටිය කෙනෙක්. "
" ඒත් දුව ඔයා නොදන්න ගොඩක් දේවල් තියෙනවා , ඒවා මම ඔයාට කියන්න කැමති නැහැ"
" ඒවා මට දැනගන්න ඕනෙ නැහැ. මම ඉල්ලන්නෙ මම ආදරේ කරන කෙනාව මට දෙන්න කියලා විතරයි "
" ඔයාලා පහුගිය අවුරුදු තුනේම මේ සම්බන්ධය පවත්වගෙන ගිය බව මම දන්නවා දූ, ඒත් මම හිතුවා ඔයා අන්තිමට තේරුම් ගනී කියලා ඒක විවාහයකින් කෙළවර වෙන්නෙ නැති බව."
" මට ඕනෙ එයා විතරයි , මම කැමති නෑ හිරණ්‍යව මැරි කරන්න. "
" දූ, පොඩි කාලෙ ඉඳලා ඔයාලා අඳුරනවා. ඒ වගේ කෙනෙක් , ඒ වගේ contacts එක්ක අපිට ආයි ලැබෙන්නෙ නෑ."
" තාත්තා , පොඩි කාලෙ ඉඳලා යාලුවෝ වුණ එක තමයි මෙතන ලොකුම ප්‍රශ්නය , මම හැරෙනකොට හිරණ්‍ය දන්නවා මම මොකද්ද කරන්න යන්නෙ කියලා."
" ඉතින් ඔයා කරන්න යන්නෙ එයාව මැරි කරන එක නේ. වෙන මොනවද?"
" තාත්තා මට මේ ඉල්ලීම විතරක් ඉෂ්ට කරලා දෙන්න. ප්ලීස්"
ESTÁS LEYENDO
🌸 නිදහස් හදවත් 🌸 [COMPLETED]
Romance🌸 All that I want in my life is the feeling of peace deep within me truely 🌸 [ West Life] Cover photo credit @Jongbin03 💐