මාස හයකට පසු
"ඔයා ඩිසයින් කළ නිසා ඔයා එන්නම ඕනෙ. ඇයි ඉස්සර වගේ ඉවෙන්ට් වලට එන්නෙ නැත්තෙ?" නිහාරා එහෙම ඇහුවෙ ජයග්‍රාහී හතරවන වතාවටත් අලුත් collection එකේ ෆොටෝ ශූට් එකට යන්න ශාක්‍යා බැහැයි කිව්වම.
" මිනිස්සු කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මාත් එහෙමයි. මට ඔය නිවාඩු දවසෙ ගෙදරට වෙලා එළිවෙනකල් නිදාගන්න තිබ්බා නම් හොඳටම ඇති"
ශාක්‍යා එහෙම කිව්වත් හිතේ තව කියන්න ගොඩක් දේවල් තිබුණා. ඒත් ඒ කිසිම දේකට සංවේදී වෙන කෙනෙක් මේ ලෝකෙ නැති බව ඇය තේරුම් අරන් ඒ වෙද්දිත් මාස කීපයක් ගත වෙලා."ඒ වුණාට dress එක ඩිසයින් කළ මනුස්සයානෙ ෆොටෝ එකේ එයාට ඕනෙ විදියට dress එක පේනවද බලන්න ඕනෙ"
" මට තේරෙනවා නිහාරා ඒත් මට එන්න බෑ."
" මේ එක්කෝ හිතේ තියෙන දේ මට කියනවා, නැත්තම් මේ ගමන එනවා. මොන යකෙක් ද බං උඹට වැහිලා තියෙන්නේ , උඹ වෙලාවකට ඇවිදින මළ මිනියක් වගේ. තව වෙලාවකට හෝ ගාලා ෆෝන් එකේ කොටනවා. කොල්ලෙකුත් නෑ කියනවා. ඒත් ලන්ච් එකේදි හිටි ගමන් අතුරුදන් වෙනවා.මට තේරෙන්නේ නෑ මොකද්ද මේ කියලා. උඹ දිහා බලා ඉඳලා මට පිස්සු හැදෙනවා."
" ඉතින් බලන්න එපා. බලා හිටියා කියලා කරන්න දේකුත් නෑ"
" ඒ කියන්නෙ මොකක් හරි අවුලක නෙ ඉන්නෙ."
" එහෙමත් නෑ බං. බලමු මම පුලුවන් වුණොත් එන්නම්."
" යමං යමං, ළඟදි ඕපන් කළ හොටෙල් එකක් නිසා අපිට ඔෆර් එකකුත් තියෙනවා ලු. එයාලගෙ හොටෙල් එකේ කරන පළවෙනි ශූට් එක නිසා"
" බලමු, මම කියන්නම්"
ශාක්‍යා අන්තිමට එකඟ වුණේ අකමැත්තෙන් , ජීවිතේ ට එකපාරටම එකතු වුණ රාජකාරි දාහක් අතරෙ තමන්ගෙ සැබෑ රාජකාරිය වෙනුවෙන් වෙලාවක් වැය කරන්න ඕනෙ කියලා ඇයට සිතුනා.
ශාක්‍යා ජයවර්ධන , ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. ඇය රටේ ප්‍රසිද්ධ ඇඟළුම් ජාලයක් වුණ Trendz clothing line එකේ ප්‍රධානම නිර්මාණ ශිල්පීන් කීපදෙනාගෙන් කෙනෙක්.
ඒ වගේම ඇය අවිවාහක, තමන්ගෙ උත්සහයෙන් මේ දක්වා කටයුතු කළ නිදහස් චරිතයක්. මව්පිය උරුමයෙන් ලද කිසිවක් නොතිබුණ ඇය මෙතෙක් ආ ගමන් මග ඇගේම දහඩිය මහන්සියේ ප්‍රතිඵලයක්.
KAMU SEDANG MEMBACA
🌸 නිදහස් හදවත් 🌸 [COMPLETED]
Romansa🌸 All that I want in my life is the feeling of peace deep within me truely 🌸 [ West Life] Cover photo credit @Jongbin03 💐