ඩොක්ටර් ශියාවෝ ජාන්... වැන්ග් යී බෝ යන අයගේ ඝාතනයේ වැරදිකරු වූ තමන්ට මේ ගරු උසාවිය මඟින් චෝදනා අංක 626 වගන්ති 22 අනුව මරණ දඬුවම නියම කරනවා.. වෛද්‍ය වෘත්තීයේ කීර්තිනාමයට දැඩි කැළලක් එල්ල කරමින් නොසැලකිලිමත්කම නිසා අගනා තරුණ ජිවිතයක් විනාශ කළ තමුන් වගේ වෛද්‍යවරයෙක් මේ වෛද්‍ය ක්ශේත්‍රයටම නින්දාවක්...මේ තමුන්ට නිදහසට කරුණු ඉදිරිපත් කරන්න ලැබෙන අවස්ථාව ..
ඩොක්ටර් ශියාවෝ ජාන්... නුඹට පැවසීමට කිසිවක් නොමැතිද...
නැත. ස්වාමිනි..මා වැරදිකරු...
ඩොක්ටර් ශියාවෝ ජාන්..තමුන්ට තාමත් අවස්ථාව තියෙනවා ලෝයර් කෙනෙකුගෙන් උදව උපකාර ඇතිව මේ ගරු උසාවියට අභියාචනයක් ඉදිරිපත් කරන්න...නමුත් ඔබ නීතිමය සහය නොතකා හැරියා..ඔබට ඒ පිළිබඳ හොඳටම විශ්වාසද.. තමන්ගේ නිදහස වෙනුවෙන් කතා කරන්න ඕනෑම අයෙකුට නිදහස තියෙනවා...
නැත ස්වාමිනි .. මාගේ වරද මා පිළිගන්නවා වගේම මගේ දඬුවම මා විසින් භාර ගන්නවා.. මා ඒ සඳහා සුදුසුයි..
ඩොක්ටර් ශියාවෝ ජාන්...ඔබ කීර්තිමත් දක්ශ වෛද්‍යවරයෙක්.. ඔබ විසින් බේරාගත් මිනිස් ජීවිත ප්‍රමාණය මේ තරම් යයි පැවසිය නොහැකියි..ඒ නිසාමයි ඔබට තව අවස්ථාවක් දෙන්න මේ ගරු උසාවිය තීරණය කළේ.. නමුත් ඔබ ඒ අවස්ථාව ලබා ගන්නෙ නෑ... ඒ නිසාම සියලු සාක්ෂි හා සාධක සලකා බලමින් ඩොක්ටර් ශියාවෝ ජාන් වෙත ක්‍රියාත්මක කරනු ලබන මරණ දඬුවම තව දින දෙකකින් එනම් එළඹෙන බ්‍රහස්පතින්දා දින පෙ.ව.11.14ට ක්‍රියාත්මක කළ යුතු බව මේ ගරු උසාවිය දන්වා සිටිනවා..
.
.
.
.
.
තව දවස් දෙකක්.. ඔව්.. තව දවස් දෙකක් මං මේ වේදනාව විඳින්න ඕනේ...එහෙනම් මරණ දඬුවම.. ඒක මට හොඳ වැඩියි..ඒත් මේ මාසේ පුරාවටම මැරි මැරි ඉපදුන මට මරණය කියන්නෙ මහ ලොකු දෙයක් නෙමේ..ඒක දඬුවමක් විදියට හැමෝම දැක්කත් මේ වේදනාවෙන් ගැලවෙන්න මට තියෙන එකම ක්‍රමය මේක..කොහොමත් උඹ නැති ලෝකෙක මට ජීවත් වෙන්න ආසාවක් ඇති කියලා උඹ හිතනවාද...උඹ නැති ලෝකෙක මට හුස්ම ගන්න පුලුවන් කියලා උඹ හිතනවාද මගේ මැණික ..
මගේ මැණික ..මට එහෙම කියන්නවත් පුලුවන්ද ..මට ඒකට අයිතියක් තියෙනවාද...මං උඹට මොනවාද නොකළේ..අන්තිමට උඹේ ජිවීතයත් මං උදුර ගත්තා නේද.. එක අතකින් උඹට ඒක සතුටක් වෙන්න ඇති නේද...මං උඹට දුන්න වේදනාවෙන් ගැලවිලා යන්න පුලුවන් වුන එක.. උඹ එච්චර ලේසියෙන් ජිවිතේ අත ඇරලා ගියේ ඒ නිසා නේද .. මොකද මං උඹට දුන්නේ කෙනෙකුට විඳගන්න ලේසි පාසු විදියේ වේදනාවක් නෙමේ...නේද මගේ බෝදි..