හැමදේම හොඳ විදියට සිද්ධ වෙනකොට ජාන්ගේ ට්‍රේනින් එක ඉවර වෙන්න තව තිබුනේ සතියකටත් වඩා අඩු කාලයක්.. ලියන්ගේ ආශ්‍රයත් එක්ක සිසී ජාන් එක්ක කතා කරන කාලය අඩු උනත් දවසට එක පාරක් හරි ජාන් එක්ක කතා කරන පුරුද්ද අත ඇර නොගන්න සිසී මහන්සි වුනා.. කතා කරණ ටයිම් එක වෙනදාට වඩා අඩු උනත් ලියන් එක්ක සිසී සතුටින් කාලය ගත කරන එක ගැන ජාන් සතුටු වුනා.. ලියන් එක්ක කතා කරපු දවස් දෙක තුනට ජාන්ගේ හිතේ ලියන් ගැන හොඳ ප්‍රතිරූපයක් මැවිලා තිබිලා උනත් මොකක් හරි නොතේරෙන හැඟීමක් ජාන්ට හැමවෙලේම ඒ හිත ඇතුළෙ ඉඳන් වද දුන්නා...
ට්‍රේනින් එකේ අන්තිම දවස් දෙක ළං වෙනකොට ජාන් හොඳටම බිසි උනා වගේම ජාන්ගේ ඒ මහන්සියට ලැබෙන්න ඕන රිගාර්ඩ් එක විදිය ට්‍රේනින් එකට ජොයින් වුන ඩොක්ටර්ස්ලා 100ක් අතරින් හොඳම කෙනා වෙන්න ජාන්ට පුලුවන් වුනා.. ඒ සතුට මුලින්ම සිසී එක්ක බෙදා ගන්න ජාන්ට හිතුණේ මේ ලෝකේ තමන්ගේ කියලා ඉන්න එකම එක කෙනා සිසී වෙනකොට.. සිසීට කොල් කරන්න හිතාගෙන ෆෝන් එක අතට ගත්ත ජාන් ෆෝන් එක සයිලන්ට් තිබ්බ නිසාම මිස් වුන කෝල්ස් බර ගාණක් තියෙන කොට ඒ එකක්වත් චෙක් නොකරම සිසීගේ නම්බර් එක ඩයල් කලේ මේ වෙලාවේ ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ එයාට කියල හිතුන නිසාමය...
සිසීව කන්ටැක්ට් කර ගන්න බැරි වුන නිසාම මිස් කෝල් චෙක් කරපු ජාන් දැක්කේ සිසීගේ ළඟම යාලුවා උන් ලියානාගෙන් මිස්වුන කෝල් 10කටත් වඩා තියෙනකොට හොස්පිටල් එකෙන් වගේම තව දන්නේ නැති නම්බර්ස් දෙක තුනකුත් ඒ අතර තියෙන බවය.. මුලින්ම ලියානාට කතා කරලා ඊට පස්සේ අනිත් දේවල් ගැන බලන්න ජාන් තීරණය කලේ මොකක් නමුත් ලොකු හදිස්සියක් ඇති කියලා තේරුන නිසාමය...
ජාන්ගේ ජීවිතේට ගත්ත වේදානාකාරිම කෝල් එක ඒක වෙනකොට ආයේ ආයේ ඒ දේවල් මතක් වුන ජාන්ගේ ඇස් කෝපයෙන් රතු වෙනකොට මිට මොලවපු අතෙන් ස්ටියරින් වීල් එකට පාරක් දුන්නේ හිතේ කෝපය දරා ගන්න බැරිකමට...
- හෙලෝ..ලියානා..
- හෙලෝ ඩො....ඩොක්ටර් ජා....ජාන්..
- ඔව්..ලියානා..කියන්න..ඇයි මේ කලබල වෙලා..
- ඩො..ඩොක්ටර් ..ම..ම..මං..මේක..අනෙ... ඩොක්ටර් ..ම.ම..මං
