ගෙවුණු වරුවම සතුට විතරක් දෝරේ ගලපු එකක් වෙනකොට ජාන් ජූලියන්ට කොච්චර ආදර්ණීය හස්බන්ඩ් කෙනෙක්ද කියන එක බලන් හිටපු හැමෝටම තේරෙනකොට ජාන්ගේ ක්ශ්නික වෙනස් වීම් ගැන දැනගෙන උනත් මේ ගෙවෙන මොහොතේ ඒ සතුට භුක්ති විඳින්න ජූ ලියන්ට ඕනෙ වුනා..
ජූ ලියන් ආසම කරන ජාන්ගේ හිනාව ඒ පැය ගාන පුරාවටම ඒ මූණ සරසනකොට පැත්තක ඉඳන් ඒ දිහා බලාගෙන ඉන්න එක ජූ ලියන්ට ලොකු සතුටක් වුනා... කොච්චර මතක් කරත් ආපහු එන්නෙ නැති මතකයක් ගැන හිත හිතා දුක් වෙනවාට වඩා ඉස්සරහාට මතක් කරන්න පුලුවන් මතක් කරලා හිනාවෙන්න පුලුවන් මතකයන් එකතු කර ගන්න ජූ ලියන් මහන්සි වෙනකොට කොයි කා එක්කත් ඉක්මනට යාලුවෙන්න යී බෝට තිබ්බ හැකියාව නිසා ඒ හැමෝම ජූ ලියන් එක්ක ඉක්මනට ආශ්රයට වැටුණා..
හැමෝම සතුටින් හිනාවෙන ඒ මොහොතේ එළියට පේන්න කොච්චර සතුටින් ඉන්නවා කියලා පෙන්නුවා උනත් ජාන්ගේ හිත ඇතුලේ ඇවිලෙන ගින්න නම් ඒ විදියටම තිබුණා..
ජූලියන්ට ඇල්ජික් වෙනවා කියලා දැන දැනම ඕඩර් කරපු සී ෆුඩ් කරි එක ජූ ලියන්ට ප්රශ්නයක් නොවුනේ කොහොමද කියලා ජාන්ට හිතා ගන්න බෑ.. ජූ ලියන්ව අපහසුතාවට පත් කරන්න වුවමනාවක් කලින් තිබ්බේ නැති උනත් මෙනු එකේ තියෙන් සී ෆුඩ් කරි එක දැකපු ගමන් හිතට ආපු කුරිරු සිතුවිල්ලක් නිසා ජාන් ජූ ලියන් වෙනුවෙන් සී ෆුඩ් ඕඩර් කරනකොට ඇලජික් වෙන එක කෙසේ වෙතත් ඒ මීල් එක ජුලියන් සතුටින් එන්ජෝයි කරන එක බලන් ඉන්න ජාන්ට සිද්ධ වුනා...
වාව්.. සී ෆුඩ්..මයි ෆේව්....ජාන්...ඔයාට මතක තිබිලා ඒක..මං..මං..ආසම...ආසම..මීල් එක...
මට.. කොහොම අමතක් වෙන්නද ඒක..
ජාන් මවා ගත්ත හිනාවක් තියාගෙන කියා ගත්තේ සිසීගේ ඩයරියේ තිබුන විදියට ජූ ලියන්ට ඒක ඇලජික් වුනේ නැත්තේ ඇයි කියලා හිතන ගමන්.....
.
.
.
.
බිස්නස් වැඩකට මේ ටවුන් එකට ආපු චෙන්ග් දවල් කෑමට මේ හොටෙල් එකට ආවේ තනියම වෙනකොට අද ස්පෙශල් මෙනු එක සී ෆුඩ් කියල දැන ගත්තාම චෙන්ගේ හිතේ අමාරුව වැඩි වුනේ යී බෝව මතක් වෙලා..Wang Zhoucheng යී බෝගේ හොඳම යාලුවා වෙනකොට චෙන්ගේ තාත්තා තමා මිස්ටර් වැන්ග්ගේ පෞද්ගලික ලේකම් විදියට වැඩ කළේ.. ටික දවසකට කලින් මිස්ටර් වැන්ග් එයාගේ වයිෆ් ඒ වගේම එකම පුතා වැන්ග් යී බෝ කියන තුන්දෙනාම කිසිම සාක්ශියක් හොයා ගන්න බැරි විදියට අතුරුදන් වෙලා තියෙනකොට ඒ අයට වුන දෙයක් ගැන හොයා ගන්න චෙන්ග් වගේම එයාගේ තාත්තාත් නොගත්ත උත්සහයක් නැති තරම්..
![](https://img.wattpad.com/cover/339528939-288-k499397.jpg)