සිසීගේ ඩයරි එකේ තිබුණ දේවල් අකුරක් නෑර කියවගෙන යනකොට ජාන් කියපු හැමදේම ඇත්තක් කියලා ජූ ලියන්ට තේරෙන්න පටන් අරන් තිබුණා..
දැන් කිසිම දෙයක් මතක නැති උනත් මීට අවුරුදු කීපයකට කලින් තමා මොන වගේ චරිතයක්ද කියලා දැන ගත්තාම ජූ ලියන්ට තමන් ගැනම ඇති වුනේ ලොකු වෛරයක්..
ඒත් එක මොහොතකට ඒ කිසිම දෙයක් තමන් අතින් උනේ නෑ කියලා හිතුනත් ඇස් පනාපිට පේන්න තිබ්බ දේවල් බොරු කියලා හිතන්නත් ජූ ලියන්ට බැරි වුනා...
එක පැත්තකින් තමන්ගේ කියල කිසිම කෙනෙක්වත් සිද්ධ වුනේ මොනාද කියලාවත් කිසිම මතකයක් නැතුව අනිත් අතට තමන් තව කෙනෙක්ගේ ජීවිතයක් නැති වෙන්න හේතුවක් වෙලා තියෙනකොට තමන් දැනගෙන හිටිය එකම එක මනුස්සයාත් තමන්ට කරලා තියෙන්නේ වංචාවක් වෙනකොට. එච්චර ලොකු රැවටීමක් කලා උනත් එයාට පොඩ්ඩක්වත් වෛර කරන්න බැරි වෙනකොට ජු ලියන්ට දැනුනේ එසේ මෙසේ අසරණකමක් නෙමේ..
ඇත්තටම කිව්වොත් ඒ වගේ තත්ත්වයක් මේ ලෝකේ කාටවත්ම ඇති වෙන්න හොඳ නෑ..අවස්ථාව මොනවගේ එකක් උනත් ඕනේම කෙනෙක්ට මේ ලෝකේ එකම එක මනුස්සයෙක්වත් ඉන්න ඕනේ තමන්ගෙ කියලා කියන්න පුලුවන්..
අඬන්න ඕනේ වෙලාවට ඔලුව තියා ගන්න උරහිසක් හැම කෙනෙක්ටම ඕනේ...
හිත රිදුන වෙලාවට හිත හදන්න දුක හිතෙන වෙලාවක වැටෙන කඳුළු පිහදාන්න..
සතුටු හිතෙන වෙලාවක ඒ සතුටට හවුල් වෙන්න කවුරුම හරි කෙනෙක් ඉන්න ඕනේ..
ඒත් එහෙම කියලා කවුරුත් නැති වෙනකොට කෙනෙක් කොච්චර අසරණ වෙනවාද කියලා ජූ ලියන්ව දකින ඕනේම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් වෙනවා..
.
.
.එන්න එන්නම වැඩිවෙන කලුවරත් එක්ක තවම එකම එක ලයිට් එකක්වත් දැම්මේ නැති මුලු ගෙදරම අඳුර රජ කරනකොට තවත් මෙහෙම කල්පනා කළා කියලා හිතට කිසිම සහනයක් නෑ කියලා තේරුම් ගත්ත ජූ ලියන් කාමරෙන් එළියට ඇවිත් සාලේ වගේම කිචන් එකෙත් ලයිට් දාලා ලොකු වතුර වීදුරුවක් අරගෙන බීගෙන බීගෙන ගියේ පැය ගානකින් ඒ බඩට වතුර බිංදුවක්වත් වැටිලා තිබුණෙ නෑ නේද කියන එක මතක් කරගෙන...