Episode 08

69 16 8
                                    


ඇඟට දැනෙන අමාරු ගතියත්  එක්ක ඇහැරුන ජූ ලියන්ට තමන්ගේ එහා පැත්තේ හිටපු ජාන් දැනටමත් නැගිටලා කියන එක තේරුනා වගේම තමන්ට වෙනදාටත් වඩා වෙලාවක් නින්ද ගිහින් තියෙනවා කියලා දැක්කාම ජූ ලියන් කලබල උනේ ඔරලෝසුවේ වෙලාව 8.30 විදියට සටහන් වෙනකොට...
බාත්‍ රූම් එකෙන් ඇහෙන වතුර වැටෙන සද්දෙත් එක්ක ජාන් තවම වොශ් දානවා කියලා තේරෙනකොට ඉක්මනටම නැගිටින්න ජූ ලියන්ට ඕනෙ  වුනා... ඒත් ඇඟට දැනෙන අපහසුවකුත් එක්ක ඊයේ රෑ උන දේවල් ආපහු මතක් වෙන්න ගන්න කොට ඒ මූණේ ලාවට හිනාවක් ඇඳුනේ කන් දෙකත් එක්ක ලාවට රතුවීගෙන එනකොට...
ආයේ ආයේ මතක් කරන්න හිතෙන තරමට සුන්දර ඒ මොහොත ආයේම මතක් කරන්න ඕනේ නිසාම ජූ ලියන් ලාවට ඇස් පියා ගත්තේ ඒ අනුරාගි මොහොත ආයේ ආයේම ඇස් ඉස්සරහා දිග ඇරෙනකොට..

👉 පෙරදින රාත්‍රිය 👈

ලියන්..... මැණික ...

ම්..ම්...

අමාරුද මැණික ...ම්..ම්...මං රිද්දුවා නේද...

ම්හ්..නෑ.. ජා..සුදු මහත්තයා...

ලියන්...

මං... ආදරෙයි...

මාත්....ආදරෙයි ...

ඒත්..ඇයි මේ දුකෙන්....

නෑ...සුදු මහත්තයා ..ම..මං...හොඳින්...

බොරු කරන්න එපා..මට....ඇත්ත කියන්න ...ඇයි මේ දුකෙන්....

අපි...අපි...ඉස්සරත් මෙහෙම සතුටින් ඉන්න ඇති නේද....ඒත්..ඒත්..මට ඒ. මුකුත් මතක නෑනේ....

ශ්....ශ්... ඒක හිතන්න එපා....මං..ඉන්නවානේ...කෝ.දැන් නිදා ගන්න...එන්න...

ඒ දෙතොල් ආයේමත් මුදු විදියට සිප ගත්ත ජාන් ලියන්ව  තමන්ගේ පපුවට තුරුලු කර ගත්තේ සුවබර නින්දකට එළබෙන බලාපොරොත්තුවකින්...

👉 ............... 👈

කලින් දවසේ සිද්ධ වුන දේවල් මතක් කරන එක ලියන්ට සතුටක් වුනත් ඒ දේවල් මතක් වුන ජාන් හිටියේ තමන් ගැන ලොකු කේන්තියකින්....

ඩ්‍රින්ක්ස් ගත්ත නිසා කරන කියන දේවල් ගැන හරි හැටි වැටහීමක් නැති උනත් තමන් ගේ අතින් වුන ඒ වැරැද්ද කොච්චර ලොකු එකක්ද කියන එක මතක් වෙනකොට එන කේන්තිය දරා ගන්න බැරිකමට ජාන්ගේ තොල් පවා වෙවුලනකොට තව දුරටත් කණ්ඩාඩියෙන් පේන තමන්ගේ රූපේ දිහා බලන් ඉන්න බැරි ජාන් අත මිට මොලවලා දුන්න පාරට බිඳිල ගිය කණ්නාඩියේ කෑලි ජාන්ගේ දෙපාමුලට වැටුනේ තුවාල උන ජාන්ගේ අතෙන් ගලා ගිය ලේ බිංදු ඒ උඩට වැටෙන්න ගන්නකොට...

💔 Rude Destiny 💔 Tempat cerita menjadi hidup. Temukan sekarang