ජාන්..අනේ..ප්ලිස් .... මාව අත අරින්න...අත අරින්න ..තමුසේව... මං අවුරුදු ගානක් තිස්සේ තමුසේව හෙව්වෙ එහෙම ලේසියන් අත අරින්නද...මගේ නංගිව මරා ගත්ත තමුසේව මං ලේසියෙන් අත ඇරින්නේ නෑ...
මොකක්ද ...ජාන්... මොකක්ද ඒ කිව්වේ.... ම..මං...මං...
ජාන්...මං...නෑ...දෙයියනේ ..මං...කොහොමද එහෙම කරන්නේ...නෑ..මං.....
ජූ ලියන්..නවත්ත ගන්නවා...තමුසේට කොහොම මතක තියෙන්නද.. තමුන් ....තමුන් මගේ නංගිට කරපු අපරාදේ...තමුසේ නිසා තමා සිසීට එහෙම දෙයක් උනේ....තමුසේ තමා එහෙම කලේ...
ජාන්...නෑ..ඒක වෙන්න බෑ..ජාන්...ම..ං...මං... එහෙම....නෑ...ජාන්...
තමුන් කොහොමද නෑ..කියන්නේ...තමුන්ට මතක නැති උනාට ඒ හැමදේම මට මතකයි...
නෑ..ජාන්..ඔයා බොරු කියන්නේ.... ඔය බොරුවක් නේද කියන්නේ.... මට ඇත්ත කියන්න...
ජූ ලියන් ජාන් ගේ ශර්ට් එකේ එල්ලිලා අල්ලනකොට ජාන්ගේ තරහා තවත් වැඩි උනේ ජූ ලියන් ඒ කිසි දෙයක් පිලිගන්න සූදානම් නෑ කියල තේරෙනකොට...
හිතේ කේන්තිය හින්දාම ජූ ලියන්ව තල්ලු කරල දානකොට විසිවෙලා ගිය ජූ ලියන් බිත්තියේ හැප්පුනත්ඒ වැදුන පාරට නලල තුවාල වෙලා ලේ එන්න ගත්තාත් ඒ කිසි දෙයක් ජාන්ට ගානක් වුනේ නැත්තේ ඒ හිතේ තිබ්බ එකම ආසාව ජූ ලියන් තව තවත් විඳවන්න ඕනේ කියන එක විතරක් නිසාමය..
අහ්..ජා....ජාන්....
වැදුන පාරට දැනෙන වේදනාව සැර වැඩි වෙනකොට ජු ලියන් එහෙමම බිම දණ ගහ ගත්තේ නවතින් නැතුව ලේ යන තුවාලය අතින් තද කරගෙන....
ජා...ජාන්....අනේ...ප්ලිස්.... මට රිදෙනවා ..... මේක නවත්තන්නකෝ....
කලින් බෝතල් කටු වලට තුවාල කරගෙන දැන් ආයේමත් නලලත් තුවාල කරගෙන ඉන්න ජූ ලියන් ගැන අනුකම්පාවක් ජාන්ට ඇති උනෙ නැතත් නවතින්නේ නැතුව ලේ යන තුවාලේ ගැන බය වුන ජාන් ඉක්මනටම අයිස් කියුබ් එකක් ගෙනත් ජූලියන්ට දුන්නේ ලේ නතර කරන්න ඕනේ නිසා විතරක් වෙනකොට ජූ ලියන් ගැන තිබ්බ කේන්තිය නම් පොඩි හරි අඩු වීමක් නැති තැනය..
![](https://img.wattpad.com/cover/339528939-288-k499397.jpg)