....💔 Rude Destiny 💔...
💔දෛවයෝගයකින් හමුවුණ ඔවුන්ට ඒ දෛවයම එරෙහි වුනාම..💔
💔මේ ඔවුන්ගේ කුරිරු දෛවයේ කතාවයි💔
To Episode 09 ⬇️
Episode 10
හරි.. ලියන්.. අඬන්න එපා.. කෝ හොඳ ළමයා වගේ අඬන්නේ නැතුව ඉන්නකෝ.....
ඒත්.. ජාන්..ම..මං... මට..මුකුත් ...
හරි..ඉතින් ... මං..ඉන්නවානේ..ලියන්...දැන් කියාන්නකෝ මොනාද දැන ගන්න ඕනේ කියලා... ඕනේ දෙයක් අහන්න ...
ජාන් ඕනේ දෙයක් අහන්න කියලා කිව්වාට අහන්න ඕනේ මොනාද කියන එක ගැනවත් අදහසක් ජූ ලියන්ට නැති වෙනකොට කතාවක් නැතුව ඔහෙ බලාගෙන ඉන්න එක ඇරෙන්න වෙන කිසිම දෙයක් හිතා ගන්න ජූ ලියන්ට බැරි වුනා..
ජාන්...මට....සුදු මහත්තයා ..මං..
හරි ...කලබල වෙන්න එපා .. මං කියන්නම්... ජූ ලියන් දන්නවාද ඉස්සෙල්ලාම අපි හම්බුනේ කොහේදිද කියලා....
මං....ඒක....මට.....
හරි ..හරි මං දන්නවා ඒක මතක නෑ කියලා.. මං කියන්නම්...
ඒක හරියටම කිව්වොත් මීට අවුරුදු 3කට විතර කලින්.. ඒ කාලේ වෙනකොට මං ඩොක්ටර් කෙනෙක් විදියට වැඩ භාර අරගෙන් අවුරුදු 2ක් විතර.. හොඳටම වැස්ස තිබ්බ හැන්දාවක ඇක්සිඩන්ට් එකක් නිසා ජීවිතයත් මරණයත් අතර හිටපු කෙනෙක් හොස්පිටල් එකට ගෙනාවා... එතකොට මං ඇක්සිඩන්ට් යුනිට් එකේ හිටපු ජුනියර් ඩොක්ටර් කෙනෙක්... ඒ ඇක්සිඩන්ට් වුන කෙනා කවුද කියලා දන්නවාද...
කවුද .. ඒ.. මං දන්න කෙනෙක්ද... මං කොහෙන්ද ඒකට සම්බන්ධ වෙන්නේ..
ඉන්නකෝ පොඩ්ඩක් ඉවසලා කියනකම්.
හරි හරි..ස සුදු මහත්තයා කියන්නකෝ...
කතාවක් අහන පොඩි එකෙක් වගේ ජාන් දිහා බලාගෙනම ඒ කියන කියන වචනයක් ගානේ ඇස් පිල්ලම් ගහන්නේවත් නැතුව අහගෙන ඉන්න ලියන්ව ජාන්ට පේන්නේ ඇස් කොණින් උනාට ලියන් ජාන්ව කොච්චර විශ්වාස කරනවාද කියන එක ජාන්ට ඒ මුණෙන්ම බලා ගන්න පුලුවන් වුනා...
එතකොට ඒ ඇක්සිඩන්ට් එක වුන කෙනාට තිබ්බේ හරිම රෙයාර් බ්ලඩ් ගෘප් එකක්.. AB -
ඒක හොයාගන්න අමාරු බ්ලඩ් ගෘප් එකක් වෙනකොට අපේ බ්ලඩ් බෑන්ක් එකේ එ ලේ වර්ගේ ඉවරවෙලා තිබ්බේ...මං කිව්වානෙ ඒ කාලෙ මං ජුනියර් ඩොක්ටර් කෙනෙක් කියලා.. එතකොට අපේ සීනියර් ඩොක්ටර් තමා ඒ වගේ ක්‍රිටිකල් කේස් හැන්ඩ්ල් කලේ... අපිට ඒ වගේ කේස් වලට සම්බන්ධ වෙන්න ලොකුවට චාන්ස් එකක් එන්නෙ නෑ.. හැබැයි මට මේ කේස් එකට ජොයින් වෙන්න චාන්ස් එකක් ලැබුනේ ඒ වෙලාවේ AB - බ්ල්ඩ් ගෘප් එක තිබ්බ එකම කෙනා මම වෙනකොට...