හොස්පිටල් එකෙන් ආපු ජාන් අපාර්ට්මෙන්ට් එකට යන්න කලින් සුපර් මාකට් එකට ගියේ සති ගානකට කලින් ගත්ත බඩු ඇරෙන්න වෙන මුකුත් අපාර්ට්මෙන්ට් එකේ නැ කියලා දන්න නිසාමයි..ඕන කරන දේවල් ඔක්කොම වගේ අරගෙන අපාර්ට්මෙන්ට් එකට එන්න ආපු ජාන් අපාර්ට්මෙන්ට් එක පෙන මානයේදී කාර් එක නතර කලේ හිතේ තියෙන කැළඹිලි ගතිය පොඩ්ඩක් අඩු කර ගන්න ඕනේ වුන නිසාමය.. තමන්ගෙ හිතට එකඟව ගත්තාම මේ කරන්න යන දේ ලොකු රැවටීමක් උනත් ලියන් තමන්ගේ සහෝදරියට කළේ කවදාවත්ම සමාව දෙන්න බැරි වැරැද්දක් වෙනකොට තමන් කරන්න යන දේ ගැන පොඩි හරි පසුතැවීමක්වත් ජාන්ට දැනුනේ නෑ..
----------------------------------------------------------------------
Mid time News at 12.30සුභ මද්යහනක් සියලු දෙනාටම.. TK Fm දහවල් ප්රවෘත්ති විකාශනය..
මීට සති 2ට පමණ පෙර අතුරුදන් වූ ප්රසිද්ධ ව්යාපාරික Wang Yao මහතා පිළිබඳ කිසිම තොරතුරක් මේ වනතෙක් අනාවරණය කර ගැනීමට පොලීසියට නොහැකි වී ඇති අතර එම මහතාගේ පෞද්ගලික ලේකම්වරයාගේ ඉල්ලීම මත ඒ පිළිබඳ වැඩ් දුර විමර්ශන කටයුතු සිවිල් ආරාකශක අංශය වෙත භාරදීමට පොලිසිය තීරණය කර ඇත..
මීට සති 2ට පමණ පෙර පැවති වයාපාරික සාදයක් වෙනුවෙන් Wang Yao මහතා සහ එම මැතිණියත් yao මහතාගේ එකම පුත් Wang Yibo යන අයත් තම නිවසින් පිටවි ඇති අතර එදා පටන් අද දක්වා එම තිදෙනා පිළිබඳ කිසිම තොරතුරක් නොලැබී ඇති අතර යම්කිසි ව්යාපාරික මත ගැටුමක් මත මේ තිදෙනා කිසියම් පාර්ශ්වයක් විසින් පැහැරගැනීමකට ලක්කර ඇත්ද යන්න පොලිසීය සැක කරන අතර ඒ පිළිබඳ වැඩි විස්තර සිවිල් ආරක්ෂක අංශය විසින් සොයා බලනු ඇත..
--------------------------------------------------------------------
හිතේ තියෙන කැළඹිලි ගතිය පොඩ්ඩකට හරි අඩු කර ගන්න හිතාගෙන ජාන් කා එකේ fm එක ඔන් කලත් මියුසික් එකක් වෙනුවට නිව්ස් ඇහෙන්න ගත්ත නිසාම ජාන් සෙටප් එක ඕෆ් කරලා දැම්මේ ගියපු නිව්ස් එකට කිසිම අවධානයක් නොදීමය...ස්ටියරින් වීල් එකට ඔලුව ගහගෙන හිටපු ජාන් ලාවට වගේ ඇස් දෙක පියා ගත්තේ සිසීව මතක් වෙලා අලුත් වුන කඳුළු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙන ගමන්...