Episode 12

80 14 2
                                    


මීට පොඩි වෙලාවකට කලින් ජාන් තමන්ට කියපු හැමදෙයක්ම බොරුවක් මවපෑමක් කියලා ජූ ලියන්ගේ ඇස් ඉස්සරහාම ඔප්පු වෙනකොට ජාන් කියන්නේ සිසීගේ සහෝදරයා වෙනකොට ජූ ලියන්ගේ ජීවිතේ වෙනුවෙන් බ්ලඩ් ඩොනේට් කරලා ඒ ජිවිතේ බේරගෙන තියෙන්නේ සිසී වෙනකොට ජූලියන් ගැන හිතේ මහ ගොඩක්  ආදරේ පුරෝගෙන හිටියේ ජාන් නෙමේ සිසී කියන එකත් මේ වෙනකොට ජූලියන් තේරුම් අරන් තිබුනා..

ඒත්. ජාන් ඇයි එහෙම දෙයක් කලේ කියන එක වගේම සිසී දැන් කොහේද කියන එක ගැනත් අයිඩියා එකක් ගන්න නම් ඩයරි එකේ ඉතුරු ටික බලන්න ඕනේ කියන එක ජූ ලියන්ට තේරුනා උනත් සිද්ධ වෙලා තියෙන දේවල් එක්ක ජූලියන්ගේ වෙවුලන ඇඟිලි තුඩු වලට ඩයරි එකේ තව එක පිටුවක්වත් පෙරලන්න බැරි වෙනකොට ඇඳ පාමුල ඉඳ ගත්ත ජූලියන් දණහිසට ඔලුව තියාගත්තේ දැනෙන අසරණකමට කරන්න ඕනෙ මොකක්ද කියලා කිසිම හැඟීමක් නැති වෙද්දි...

ජාන්... මොකක්ද ...මෙ වෙලා තියෙන්නේ..මං...මං...කො..කොහොමද ඒ දේවල් විශ්වාස කරන්නේ...මට...මේ මුකුත් තේරෙන්නේ නෑ....කිසිම දෙයක් මතකයට එන්නෙ නෑ....ඇයි දෙයියනේ ....මට..මෙහෙම උනේ...මං......එතකොට ...සිසී..එයා...එයා කෝ...ඒත් මං ආදරේ කරන්නෙ ඔයාට නේද...ජාන්.... මට..මතක නෑ..තමා...ඒත්..දෙයියනේ මං..මං...කොච්චර ආදරේ කරාද....ඔයා..මට...කොච්චර ආදරේ දුන්නද..මේ ටික දවසට....එතකොට ..ඒ හැමදේම බොරුවක්...මං....මං..කොහොමද.. එහෙම හිතන්නේ....නෑ..මට ඒක දැනුනා....නෑ...නෑ...එහෙම.වෙන්න බෑ... ජා.ජාන්... ඔයා...මාව රැවට්ටුවා...මේ...කිසිම දෙයක් මතක නැති...මාත් එක්ක ඔයා...සෙල්ලම් කලා...ඒත්..ඇයි..මට..ඒ හැමදේම දැන ගන්න ඕනේ...ඒත් ..මට හයියක් නෑ..තව දුරටත් ඒ ඇත්ත මොකක්ද කියල හොයන්නවත්...මට...මේක තවත් දරා ගන්න බැ......

ජූ ලියන්...ඔහොම දුර්වල වෙන්න එපා...  හැමදේම හොයා ගන්න මෙක තමා අවස්ථාව...ඒක  නැති කර ගන්න එපා... මතක නැති දේවල් මතක් කර ගන්න තියෙන අවස්ථාව.....

හදවත වේදානාවෙන් මිරිකිලා තමන්ගේ හිතත් එක්කම තර්ක කර කර හිටිය ජූ ලියන් කරන්න ඕනේ මොකක්ද කියලා හිතා ගන්න බැරි විදියට අසරණ වෙලා ඉන්නකොට තමන් ගැනම ඉපදුන ආත්ම අනුකම්පාව දරා ගන්න බැරි තැන ඔහේ ගලා යන කඳුළු පිහදා ගන්නවත් ජූ ලියන්ට ඕනකමක් තිබ්බේ නැ... ලෙහා ගන්න බැරි තරමට අතරමං වෙලා තියෙන ඒ හිතේ තියෙන ප්‍රශ්න කියා ගන්න කෙනෙක් නැතුව ගියාම දැනෙන තනිකම දරා ගන්න බැරි තරමට ඒ හිත පෙලන්න ගත්තාම  තමන්ගේ වටේ තියෙන හැමදෙයක්ම මවා පෑමක් විතරක් කියලා දැනෙනකොට ජූ ලියන් ගේ අසරණකම ඒ හිතට ගෙනාවේ ලොකු වේදනාවක්.. තමන්ගේ කියලා හිතාගෙන හිටිය ලෝකේ ඇස් ඉස්සරහාම කුඩු වෙලා යනකොට ආයේ පැලැස්තර ගහාලාවත් ඒ කැඩිලා බිඳිලා ගිය   හීන   දකින්න බෑ කියලා හිතෙනකොට අමාරුවෙන් හරි හිත හදාගෙන යතාර්තයට මූණ දෙන්න ජූ ලියන් තීරණය කළා....

💔 Rude Destiny 💔 Onde histórias criam vida. Descubra agora