ඇඳ යට තිබුණ ඒ බොක්ස් එකේ තියෙන්නේ මොනවාද කියලා බලන්න ජූලියන්ට ලොකු වුවමනාවක් තිබ්බා උනත් කාගේද කියලා දන්නේ නැති දෙයක් බලන එක හොඳ නැ කියන එකත් ජූලියන්ට මතක් වෙලා තිබුණා..
ඒත් තමන්ට මතක නැති උනාට මේ තියෙන්නෙ තමන්ගේ මොනාහරි දෙයක් වෙන්න පුලුවන් වගේම ඒක තමන්ගේ නැති වුන මතකය ආපහු ගේන්න පුලුවන් දෙයක් වෙන්න පුලුවන් කියලා මතක් වෙනකොට ඒ බොක්ස් එක ඇතුළෙ තියෙන දේවල් බලන්න ලියන්ට තිබ්බ වුවමනාව එන්න එන්නම වැඩි වෙන්න පටන් අරන් තිබ්බා...
ළඟදී සීල් කරපු පාටක් පේන්න තියෙන බොක්ස් එක අන්සීල් කරන්න කතුරක් හොයාගෙන ඩ්‍රෙසින් ටේබල් එක ළඟට ගිය ජූලියන් කණ්නාඩියෙන් පේන තමන්ගේ රූපේ දිහා බලාගෙන හිටියේ ඒ වෙලාවේ තමන්ගේ හිතේ තියෙන්නෙ මොනවගේ හැඟීමක්ද කියලා තේරුම් ගන්න බැරුව...
ශෝට් එකක් විතරක් ඇඳගෙන හිටිය ජූලියන්ට තමන්ගේ ඇඟ පුරාම ඊයේ රෑ ජාන් තියපු මාක්ස් වලට රතු වෙලා තියෙනවා පේනකොට ගතකරපු ඒ අනුරාගි හෝරාවන් මතක් කරලා සතුටු වෙන්නද එහෙම නැත්නම් ජාන් උදේ හැසිරුණු විදිය ගැන හිතලා දුක් වෙන්නද කියලා හිතා ගන්න බැරි වුනා...
හිටි ගමන් වෙනස් වෙන ජාන් ව තේරුම් ගන්න බැරුව මේ ගෙවුණු දවස් ටිකට ජුලියන් මොන තරම් විඳෙව්වාද කියන එක දන්නේ ජූලියන් විතරක් වෙනකොට එහෙම වුනා කියල ඒ හිතේ ජාන් ගැන තිබ්බ ආදරේ අඩු වීමක් නම් මේ වෙනකම්ම සිද්ධ වෙලා තිබුණෙ නෑ.
මොකකදෝ කියා ගන්න බැරි ලොකු හේතුවකට ජාන් ගැන මහ ලොකු ආදරයක් ජූ ලියන් ගේ හිතේ ඇති වෙලා තියෙනකොට තමන් ජූ ලියන් කියලා වගේම ජාන් කියන්නේ තමන්ගේ හස්බන්ඩ් කියලා දැනගන්නත් කලින් ඉඳලාම හරියටම කියනවා නම් එදා හොස්පිටල් එකේදි යී බෝ විදියට ඉන්න කොට ඩොක්ටර් විදියට ආපු ජාන් ව දැකපු ගමන්ම හිතේ ඇතිවුන හැඟීම ජූ ලියන්ට තාම හරියට තේරුම් ගන්න බැරි වෙලා තිබ්බා...
හරියට තමන් කාලයක් ඉඳලා බලන් ඉන්න සංසාරයක් පුරාවට හෙව්ව කෙනෙක් තමන්ට හම්බුනා කියන හැඟීම දැනෙනෙ කොට තමාට මතක තිබුනේ නැති උනත් ඒ කෙනා තමන්ගේ හස්බන්ඩ් කියලා දැන ගත්තාම ජූ ලියන්ට දැනුනේ තමන් බලාපොරොත්තු උන ඒ ලෝකේ ඇත්තටම තමන්ට ලැබිලා නේද කියන එක වෙනකොට ජාන් අතින් කොච්චර හිත් රිදීම් සිද්ධ උනත් ඒ ආදරේ අඩුවක් නම් තාම සිද්ධ වෙලා තිබුණෙ නෑ...
KAMU SEDANG MEMBACA
💔 Rude Destiny 💔
Fiksi Penggemar💔දෛවයෝගයකින් හමුවුණ ඔවුන්ට ඒ දෛවයම එරෙහි වුනාම..💔