Chapter 13 බූරු උක්කුං😑

1.2K 226 22
                                    


මන් ගැස්සිලා ඇහැරුනේ බෙල් එක ගහපු සද්දෙට..වෙලාව එකයි විස්සයි.. ස්කෝලේ අරිනකන්ම මට නින්ද ගියාද.. මන් යන්තන් ඔලුව උස්සලා වටපිට බැලුවා ඒත් අපේ එකෙක්වත් නෑ... මන් ඉක්මන්ට කෙලින් උනා..

බබා!

ආහ්.. මගේ එහා පැත්තේ ටේහියොන්ග්.. එයාද එතකොට මගේ ඔලුව අතගෑවේ..

කෝ අනිත් අය?

මන් ආයේ වටපිට බලන ගමන් ඇහුවා.. බෑග් එකක්වත් නෑ මුන්ගේ..දැන්නම් ඔලුවේ කැක්කුම හොදටම හොදයි වගේ..

අන්න ග්‍රවුන්ඩ් එකට ගියා සේරම එහෙම්ම යාවී..

හානේ රෙද්දේ ඔලුවේ කැක්කුම අදම හැදුනනේ.. අරුන් සේරම සෙල්ලම් කරනවා ඇති...ඊව්ව් මන් වතුර එක ගන්න අත දිග් කරා.. බොකුටු ඉක්මන්ට මගේ වතුර බෝතලේ මූඩියත් ඇරලා දුන්නා.. එතකොට තමා මන් දැක්කේ පොරගේ අතේ තියන ෆයිල් කවරේ.. මූ මට පවන් ගැහුවද? මේ යකා හොද කරද්දී නම් බයයි වගේ මට...

බබා තමුසේ ලෙඩ වෙන්නෙපා!

එක අතකින් පවන් ගගහා අනිත් අතින් මගේ කොන්ඩේ හිමීට අතගාන්න ගත්තා.. බොකුටුට මේවනම් හොදට පුලුවන් වගෙ... කෙල්ලෙක් වගේ කට වහන් ඉන්නකොට නම්.. මන් ඒ ඇස් ඇතුලටම එබීගෙන හිටියා ඒ ඇස්වල කඳුලු.. අද නම් මගේ අසුභ දවසක්ද කොහේද.. මට පෙන්නන්නම බැරිදෙයක්..කඳුලු!
මට ඕන උනා ආයෙත් ඒ මින්ට් ස්ට්‍රෝබෙරි සූවද බලන්න... මන් හෙමින් ලං උනා ඒ මුන ලගටම කදුලු පුරවන් හිටපු ඇස් බෝල කරන් මගේ දිහා බලාගෙන බොකුටු ඉන්නවා... මට දැනගන්න ඕන ඇයි එයා මට වෙනස්වෙන්නේ කියලා.. ඇයි මට මෙහෙම සලකන්නේ කියලා..කුක්සන් හැමඑකා එක්කම එක වගේ මේ ජන්කුක් ඉන්දැද්දී ඇයි ටේහියොන්ග් ලගදි විතරක් මෙච්චර වෙනසක් දැනෙන්නේ..
ඒ රෝස කම්මුල් ලගටම මන් ලං වෙද්දී මගේ පපුව ගැහෙන වේගේ එන්න එන්නම වැඩි උනා.. ඒ උනුසුම් හුස්ම වලට මගේ ඇස් පියවෙන්න එද්දී ඒ ඇස් නැවතිලා තිබුනේ මගේ තොල් ළග..තව ටිකක් ඒ මූනට ලවෙද්දී ඒ ඇස් ඉබේම පියවිලා ගියා..
මන් එහෙම්ම බොකුටුගේ එහා පැත්තේ තිබුනු මගේ බෑග් එක අරන් ආයෙ පස්සට උනා..

බොකුට්ටා ෆුල් අන්දොස්.!!

තමුසේ මගේ කට කන්න නේ බලන් හිටියේ??

I'll Kill You👻 ( #Completed _ Taekook*)Where stories live. Discover now