හිටපන් පොඩ්ඩක්!
මන් කෑගැහුවේ මූ එකසිය ගානටම යන නිසා..කොච්චර කෑගැහුවත් හැරිලවත් බැලුවේ නෑ.. තාම බොකුටුගේ බෑග් එකත් මන් ළග.. මේක පුදුම දුශටයෙක්නේ..දැන් අරුන් කියපුවටත් මන් ද වැරදි? මේ නම් කුක්සන්ගේ ගිය ආත්මේ ණය කාරයෙක්..ගංකබර ඔටුවා!!
යනවා යනවා ඉවරයක් නෑ..ඒකත් බිම තියෙන ගල් වලට උඩින් යන්න දෙනගමන්.. අපේ ගෙදර ළගට ආවම මන් බැලුවේ හැරිලා බලයිද කියලා.. පුහ්!!
ඔය යන්නේ අඩි පොලවේ ගගහා. ඇත්තමයි වෙන එකෙක් උනා නම් මේ කුක්සන් දනී කරන දේ..
මන් එහෙම්ම ගේට් එක ඇරන් ඇතුළට ගියේ බෑග් එක හෙට ආවම දෙනවා කියලා හිතාගෙන.. කෝමත් උදෙන් යන එකනේ..හෑ!!!
මගේ කට භාගෙට ඇරුනෙ ගෙදර දොර ඇරලා තියෙනවා දැකලා..ඔම්මලා එන්නෑ කියලා හොඳටම සුවර්..අයියත් ආවනම් මාව ගන්න එනවා.. එතකොට කවුද මේ..මන් ගේට් එකත් වහලා අපි සෙල්ලන් කරන්න ගන්න බැට් එක අතට ගත්තා..
අඩියෙන් අඩිය මන් ගේ ඇතුළට ගියා..මොකෝ උට්ටෝ මෙච්චර පරක්කු???
කුක්සන් තොට ඔල්මාදෙද යකෝ ඔය???
මූ අමු පිස්සෙක්නේ බන්!!
මන් කරකවලා අතෑරියා වගේ උනේ මේ සද්දෙට..යකෝ වස ලැජ්ජාව.. මෙන්න අර කොලදිවියත් අපේ ගෙදර!! මගේ අපාය සහයක පාප මිත්රයෝ දෙන්නා සෝෆා එකේ හාන්සි වෙලා බිස්කට් කනවා. මුන් නිසා තා පොඩ්ඩෙන් කුක්සන්ට හාට් ඇටෑක් එනවා නරියෝ!
යතුර කොහෙන්ද?
මට හොඳටම සුවර් මන් යතුර අරන් ගියා කියලා.ඔම්මා වැඩිපුර යතුරක් මට දීලා තියෙන්නෙ.. ඒත් මුන් කොහොමද ඇරියේ..උබ එක ලොක් එකයි දාලා තිබුනේ යොන්ගියා පැන්නා ඇතුළට!
කොට බට්ටා කියලා දැම්මා.. ඌ එච්චර ලේසියෙන් කියුවට මගෙ නම් ඇස් දෙක නළලේ.. දෙයියනේ මුන් ඔක්කොම එකයිනේ.. එහෙන් අර බොකුට්ටා කොයි වෙලෙත් නැට්ට පාගගෙන පැටලෙන්න ඉන්නේ.. එහෙන් මේ කොල දිවියා.. මේ කුක්සන්ගේ රාජ්ජේට මෙච්චර හතුරෝ..!කුක්සන් වොශ් එකක් දාන් වරෙන්..
හෝබියා කියුවේ මන් ඇතුළට ගිහින් පුටුවට ඇලවෙද්දි.. මුන් මුන් යාලුවෝ නෙවී.. බිස්කට් පැකට් සේරම ඉවර කරලා ටීපෝව උඩ.. ඒ මදිවට මන් හවසට බොන්න තියපු මගේ අයිස්කෝෆි එකයි ලෙමනේට් එකයිත් ඉවර කරලා..යලුවෝ පතන් මුන් නොපතන් සැක්.. මේවා දිහා බලන් ඉන්නවට වඩා හොදයි කුක්සන් උබ අර බොකුට්ටගේ ගෙදර නැවතියන්..මන් එහෙම්ම වොශ් දාගන්න ගියේ හිති බැන බැන..
YOU ARE READING
I'll Kill You👻 ( #Completed _ Taekook*)
Fanfiction🐯 : ඉස්සරහ බලන් පලයන්! 🐰 : තෝ බලන් පලයන් ගල් මූසලයා! . . . . ඌ සිරාවට මූට ලව්ද බන්? ජිමිනා ඇහුවෙ හෝබියගෙන්.. ඉතින් අරූ එහෙමනේ කියුවේ🤷 . . . අනේ මන් දන්නෑ මෙහෙම ලව් එකක් නම්.. දෙන්නම ටොප් ද කොහේද🙈🤦 . . . ඇවිත් බලපිය මේ කතාව හොඳද කියලා😁😼 මීට පූ...