Chapter 11 බෝ👻

1.3K 222 17
                                    

.
.
.

ඕයි!!

අදත් උදේම මන් ස්කූල් එකට ගියත් අපේ පන්තියට ගියේ නෑ... අරූ අදත් හිටියොත් මේ කුක්සන්ගේ පරම්පරා ගනනාවක අභිමානය කෙලසිලා යනවා..

පොඩි එකෙක්ට කථා කරලා මන් උගේ අතේ අපේ පන්තියට බෑග් එක යැව්වා.. කුක්සන් පරාජය බාරගන්න කැමති නෑ හැබැයි මේමයි..මන් අද ගේට් එක ලග ඩියුටි ඉන්නැතුව ගියෙ බුදු ගේ ළගට.. පූජාව කරන්නේ අද අට වසරේ ඇටයෝ ටික.. හැමෝම බඩු ගෙනත් හදනවා සමහර උන්  එහේ දුවනවා මෙහේ දුවනවා..

ඕයි!!
ඕක හෝදලා ගනින්..
පොඩි එකෙක් අස්සක තිබුන මල් වට්ටියක් උස්සන් ඇවිත් දූවිලි පිටින්ම ඒකට මල් හදන්න ගත්තා.. සැක්..
පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් මුන් කරන්නේ මරි මෝංගල් වැඩ..අපේ කාලේ ඔහොම නෑ..

බෝ!!
මන් හයියෙන් කෑගැහුවේ පොර මෙලෝ සිහියක් නැතුව ඇවිදගෙන යනවා දැකලා..මූට මොන යකෙක් ගහලද එපාර..
ඌ ගැස්සිලා ගියා මන් කෑගහපු සද්දෙට ඊටපස්සේ අත උඩට කරලා හයියෙන් වනන්න ගත්තා.. කුක්සන්ගේ යාලුවෝ නේ ඉතින්... මොනවා කරන්නද මූ පිස්සෙක් වගේ අත වනනවා..මන් ශේප් එකේ වටපිට බැලුවේ කවුරුහරි බලන් ඉන්නවද කියලා....නෑහ්!!!

මන් දුවලා ගිහින් එල්ලුනා උගේ කරේ... මන් මේ අපේ උන් සේරම අතෑරලනේ මෙතෙන්ට ආවේ.. ගේට් එක ලග ඉදියනම් ආතල් කෝටියයි.. මෙතන මේ පොඩි උනුයි මිස්ලයි සේරම එක්ක එපා වෙනවා.. මූ දැක්කම ඉතින් මට ආයේ මතක් වෙනවා කුක්සන් මමයි අපේ රාජ්ජේ ගැම්මක් අල්ලමූ බෝල්ලා!!...

කොහේද බල්ලෝ යන්නේ..මොකෝ මේ පැත්තේ..

සාමාන්‍යයෙන් නෙවෙයි මිස්ටේක් එකකටවත්  අපේ එකේ එක බල්ලෙක්වත් මේ පැත්තෙන් අඩියක්වත් තියන්නෑ විනියා නිසා.. විනියගේ ඔෆිස් රූම් එක තියෙන්නෙත් මේ පැත්තේ.. කෝමත් පොරට අපේ උන්ව හෙන ඇලජික්.. කසනවා! අපේ උන්ට කියලා වෙනසක් නෑ..

මට ප්‍රශ්නයක්!
ඌ කියුවා..බෝට ප්‍රශ්නයක් කියන්නේ මටත් ප්‍රශ්නයක් වගේ තමයි.. කුක්සන් කවදාවත් ප්‍රශ්නවලට මේ උක්කුංගෙන් බේරිලා යන්න දීලා නෑ!! ඊව්ව්.. මේ බොකුට්ටා  නිසා දැන් මගේ නම මටම පැටලෙනවා..

I'll Kill You👻 ( #Completed _ Taekook*)Where stories live. Discover now