Chapter 08 බබා🥺

1.5K 245 17
                                    

.
.
.
.
.
.
.

අයියා පොර බයික් එකක් එවලා කොල්ලෙක් අතේ.. ස්ටෑන්ඩ් එක එහා පැත්තේ තීන ෆාමසියට මන් එහෙම්ම දිව්වේ මූට බෙහෙත් දාන්න අරන් එන්න..
මොන අවමගුලක් ද කියලා තාම කියුවේ නෑනේ.. වෙන එකෙක් උනා නම් මේ වෙද්දි දෙකක් ඇනලා අහගෙන.. සැක්.
මන් බයික් එකත් අරන් බැලුවා බොකුට්ට දිහා ඔහේ ඉන්නවා.. ඕන එකෙක්ට ගහන්න හිතෙනවා මේ පුස් මූන දැක්කම නම්..

" නැගපන් "

ඔරවගෙන මන් කියුවා.. ඇත්තමයි මට මේ මල පැනලා ඉන්නේ හුම්.. ටිකක් වෙලා මගේ දිහා බලන් ඉදපු ටේහියොන්ග් අමාරුවෙන් මාව අල්ලගෙන බයික් එකට නැග්ගා.. අයියෝ මූ මාව ඇල්ලුවත් ඇති මගේ හාට් එක එකසිය ගානට වැඩ.. යකෝ මට ලෙඩක්!!! ආයිශ් හෙල්මට් දැම්මේ නෑනේ.. අයියා මට විතරයි එවලා තින්නේ මෙහෙම්ම යනවා ඕන එකක්..
ටිකකින් මට දැනුනා බොකුට්ටා මගේ පිටට බර වෙනවා.. එක මොහොතකට මගේන් බර හුස්මක් පිට උනා.. මේ ලමයට මොකක් වෙලාද?

" බැහැපන්! "

බයික් එක නැවැත්තුවේ අපේ යුන්වෝගේ පොට් එකේ.. මටත් මේකට ඕන වෙලේක එන්න පුලුවන් ඉතින් අපෙව් සුදු නැන්දගේ ප්ලේස් එකනේ.. ඇතුළට යන්නැතුව එලියේ ඉදන්ම මන් බෙහෙත් ටික අතට ගත්තා.. ගල් පිලිමේ වගේ බයික් එක උඩ ඉන්නවා වචනයක්වත් කියන්නෑ..දෙන්න හිතෙන්නේ මූට ගංකබරයා!

" තමුසේ ඔරවනකොට කැතයි.. "

ඔන්න බලපන්.. මූට මට දෙන්න හිතෙන්නේ.. මෙච්චර මේ අමාරුකම් තියාගෙන මූට මගේ කැත එක තමා පේන්නේ.. රෙද්ද!

" මොකක්ද උනේ කියහන්? "

මන් මේ අහන අන්තිම පාර ඇත්තමයි. මූට ඔච්චරටම මට කියන්න බැරිද මේ කුක්සන් කවුද කියලා මූ දන්නෑ.

" වලියක් ගියා පාලම ලගදි "

මගේ මුන දිහා බලන්ම ඌ කියලා දැම්මා..

" කාත් එක්කද? "

කියනවනම් සම්පූර්න විස්තරේ කියන්න ඕන මොන ඇටි ගෙම්බෙක්ද මට මල පන්නවන එක මුගේ හොබි එක වෙලා..

" ඒක ශේප්.. "

ර්‍ර්ර්ර්ර්‍ර්.......මන් ඒක ඇහුවේ නෑනේ මන් තුවාලේ උඩින් තද කරලා බෙහෙත් තිබ්බා.. මූ නම් පුදුම ඇටි කබරෙක්!
මන් බෙහෙත්දාලා ඉවර වෙනකන්ම ආයෙත් මුකුත් ඇහුවේ නෑ..ඌ මුකුත් කියුවේත් නෑ.. පාත් වෙලා ඉදපු මන් හිමින් නැගිටලා බැලුවේ බොකුට්ටගේ මුන.. ආයෙත් ඒ දිලිසෙන ඇස්.. මන් ඔරවගෙනම උගේ මූනට ලං උනා.. මින්ට් මික්ස් උනු ස්ට්‍රෝබෙරි.. ඒකටම සර්ජිකල් සුවඳ මික්ස් වෙලා.. මට ඕන උනා තව ඒ සුවද විදින්න..


I'll Kill You👻 ( #Completed _ Taekook*)Where stories live. Discover now