ඒ උරහිස් වේගෙන් හොලවන ගමන් කියුවේ කෑගගහා... මගේ ඇස් වලින් නවතින්නැතුව කඳුලු පේලි වැක්කෙරෙද්දී.. මන් කෑගැහුව..එතකොට එයා.. ඒ ඇස් ලොකු කරන් එයා මගේ දිහා බලන් හිටියා.. එක වචනයක්වත් නොකිය..ගල් පිළිමයක් වගේ බොකුට්ටා මගේ දිහා බලාගෙන හිටියා..මන් තමුසෙට ආදරෙයි ඕයි!!!
පිළිමයක් වගේ බලන් හිටපු එයා අන්තිමට කියුවා...එච්චරද මන් ඒ ඇස් දිහා බලන් හිටියේ එයා තව මොනවම හරි කියාවි කියලා ඒත්...නෑ...මුකුත්ම නෑ..එයා මගේ මූනේ කඳුලු පිහිදාලා මාව එයාට තුරුල් කරගන්න හදද්දී මන් එයාව තල්ලු කරලා දිව්වේ ක්ලාස් එකෙන් එලියට.. ආයෙත් කඳුලු අලුත් වෙද්දී මන් දිව්වේ අපේ හෝල්ට් එකට.. මට ඇහුනා එයා මගේ පස්සෙන් එනවා..ඒත් එකපාරක්වත් මන් හැරිලා බැලුවේ නෑ.. ඒ එක්කම දුවලා ගිහින් මන් ආපු බස් එකට නැග්ගා..
තිබුනු එකම සීට් එකෙන් මන් වාඩි වෙද්දී එයා මන් ගාවට ඇවිත් හිටගත්තා..ඒ පුරුදු සුවඳ කෝම මඟ අරින්නද...
ජන්කුක් ප්ලීස් මන් කියන්නම්..
ජන්කුක් අහන්නකෝ..
ජන්කුක්..
ජෝන් ජන්කුක්!!
එයා පාත් වෙලා මට කතා කරත් මන් එයාව ඇහෙන්නෑ වගේ හිටියා..මන් එයාට අවස්තාව දුන්නා හැමදේම කියන්න..මන් අච්චර දේවල් අහද්දී ඇයි වචනයක් කියන්න බැරි උනේ එයාට.. මන් ජනේලෙන් ඈතම බලාගෙන හිටියා..මේ බොකුට්ටගේ වැඩේ හැමවෙලේම කුක්සන්ව අඬවන එක..හ්..තමුසෙට බැරිද පොඩ්ඩක් සාමකාමි වෙන්න...එපා වෙනවනේ අප්පා.. කුක්සන්ටත් ලැජ්ජ නෑනේ තව....
ඉස්සරහ හෝල්ට් එකෙන් බහින්න..
එයා ආයේ පහත් වෙලා කියද්දී මට එකපාරට බැලුනේ එයාගේ දිහා..මොන එහෙකටද එපාර..මෙතන.ගෙදර යන්නත් නෑ..තව හෝල්ට් දෙකක් තියෙනවා අපේ හෝල්ට් එකට..
උක්කුං බහින්න නැත්නම් මන් ගෙදරට එනවා..!
හරිනේ මූ අන්තිම තුරුම්පුව දැම්මනේ.. දැන් ඉතින් කුක්සන්ට කෝමත් බහින්න වෙනවා..මේ යකා කියුවා වගේම ඒවි.. කෝමත් නසරානියනේ සත පහකට විශ්වාස කරන්න බෑ..ගංකබරයා..තෝව කොටියම කන්න ඕන ගංකොටියා!
මන් ඔරවලා බලලා ආයෙත් ජනේලෙන් ඈත බැලුවා..හෝල්ට් එකට ළං වෙනකොටම ආයේ කකුලෙන් අනිනවා.. අම්මපා කුක්සන් ලෝදිය හැලියක් නෑනේ ළගක...මූව දාන්න.. මන් බොකුට්ටා දිහා බලලා ඇහුවේ ඇයි කියලා.. එයා හිමින් බහින්න කියලා මුමුනලා ෆුට් බෝඩ් එකට ගියා.. මාත් ගොනා වගේ බෑග් එකත් අරන් බැස්සා..මොනා කරන්නද අර මොකක්ද එකකුත් කියනවනේ...මමනේ ඇගේ දාගත්තේ..
බස් එකෙන් බැහැපු ගමන් මන් කඩන් පැන්නේ බොකුට්ටට..
YOU ARE READING
I'll Kill You👻 ( #Completed _ Taekook*)
Fanfiction🐯 : ඉස්සරහ බලන් පලයන්! 🐰 : තෝ බලන් පලයන් ගල් මූසලයා! . . . . ඌ සිරාවට මූට ලව්ද බන්? ජිමිනා ඇහුවෙ හෝබියගෙන්.. ඉතින් අරූ එහෙමනේ කියුවේ🤷 . . . අනේ මන් දන්නෑ මෙහෙම ලව් එකක් නම්.. දෙන්නම ටොප් ද කොහේද🙈🤦 . . . ඇවිත් බලපිය මේ කතාව හොඳද කියලා😁😼 මීට පූ...