🍃09. දිග හැරුම

66 12 5
                                    

"ජන්ග්කුක් තමුන් මොකද්ද මේ ශිනී ට කලේ"

ටේ එක පාරටම ජන්කුක් සර්ගෙන් එහෙම අහද්දි මාත් ගැස්සුනා මොකද මං උදේ වුන කිසි දෙයක් ටේ බබාට කිව්වේ නෑ, ඒත් එක්කම මට බැලුනේ ජන්කුක් සර් දිහා,

හරිනේ ඔය ඉන්නේ මට රවාගෙන, මං ටක් ගාලා බිම බලා ගත්ත.

"තමුසේ ඒ ටිකට පොඩි බබෙක් වගේ අඩාගෙන ගිහින් කේළම් කිව්වද, තමුසෙට අද මම..."

"ජන්කුක්.... ශිනී ට කලිනුයි තමුන්ව මං දන්නේ තමුන් හැරෙද්දි කියන්න පුළුවන් මොකද කලේ මොනාද කරන්න හදන්නේ කියලා , ඒ වගේම ශිනී තමුන්, අදින් පස්සේ මට දේවල් හංගන්න වත් බොරුවක් කරන්න හිතන්නවත් එපා, තේරුනාද දෙන්නටම."

"අනේ ටේ සමාවෙන්න ආයේ එහෙම කරන්නේ නෑ"

"ජන්කුකා ..."

"හරි හරි ටේටේ සොරි, ශිනී සොරි ..."

"අවුලක් නෑ සර්.."

...

ආපහු ගෙදරට එද්දි පුරුදු විදිහටම මං ටේ එක්ක ආවේ, ගෙදරට එනකන්ම කිසිම කතා බහක් අපි අතරෙ වුනේ නෑ, ඒත් අද කවදාවත් නැතුව ටේ මාත් එක්කම මගේ ගෙදර ආවේ කිසිම දෙයක් අහන්නෙවත් කියන්නෙවත් නැතුව.

කොටින්ම කියනවා නම් දැන් හරියට ටේ හැසිරෙන්නේ මේ එයාගෙ ගෙදර වගේ,

ඒක හරියටම පැහැදිලි කලොත්, කොටින්ම ටේ වාහනේ දැම්මෙත් මං ඉන්න ගෙදර ගැරේජ් එකට, ඒ වෙනකන් මං ඒ ගැරේජ් එක රවුම්ද හතරැස්ද කියලාවත් දැනන් හිටියේ නෑ, ඒක අරින්න වෙනම රිමෝට් දෙකක් තියෙනවා, ඒක දන්නෙත් දැන් ඒ වගේම  ඒකෙන් එකක් ටේ ගාව තිබ්බෙ ඒකෙන් ඇරගෙන වාහනේ ඇතුලට දාලා මාවත් වාහනෙන් බස්සාගෙන, මගෙ අතකිනුත් අල්ලගෙන ලොකු කල්පනාවකින් එතන පඩිපෙලකින් නැගලා උඩට ආවා,

ඇවිත් ඇතුළු වුන තැන දැක්කාමයි මතක් වුනේ, පහළ ගබඩා කාමරේට යන්න තියෙන දොර කියලා හිතලා මෙච්චර කාලයකට ඇරපු නැති කුස්සිය කෙළවර තියෙන දොර ගැරේජ් එකේ ඉදන් එන පඩිපෙළට සම්බන්ධයි කියලා.

ඒකත් හරි කියමු, ටේ තාම ඉන්නේ වෙන සිහියෙන් ඒ වුනත් කරන හැමදේම එයා කරන්නේ කාලයක් තිස්සේ කරපු පුරුද්දට වගේ,

නිහඬ ආදරේ [COMPLETED]Where stories live. Discover now