පහුවෙනිදා ඇහැරුනේ දවල් වෙලා, ඒ වෙද්දිත් ටේ මං ගාව හිටියෙ නෑ, සමහරවිට එයා ජන්ග්කුක් සර් එක්ක ඇත්තේ.
මං නැගිටලා ජැනේලේ ගාවට ගියාමයි දැක්කේ ඈතින් පේන මුහුද , අපි ඉන්න විලා එකේ එක පැත්තක තනිකර මායිම් වෙලා තියෙන්නේ ඉමක් නොපෙනෙනෙ මහ සාගරය, ඒ දිහා බලන් ඉන්න පුළුවන් මුළු දවසක්ම,
ටිකකින් පිටිපස්සෙන් ඇවිත් මගෙ බඳ වටේ එතුන අත් දෙකක් නිසා මං මගෙ කල්පනා ලෝකෙන් එළියට ආවා.
"ලස්සනයි නේද ශිනි..."
"හ්ම්... ගොඩාක්, ඔයා දන්නවද ටේ බබෝ, මගෙ ඉස්සර ඉදන් තිබ්න එක හීනයක් තමා මේ වගේ මුහුද අයිනේ ගෙදරක මගෙ පුංචි පවුලත් එක්ක ජීවත් වෙන එක, එච්චර දුර නොගියත් මේ වෙලාවෙ මේ දර්ශනයත් එක්ක මං ඉන්නෙ හිතේ සතුටින්.."
"ශිනි ... ඉතිං ඔයාට දැනුත් පුළුවන් නෙ එහෙම ඉන්න, ඔයාට පුළුවන් පවුලක් හදා ගන්න......"
"ඔව් ඒත් කාත් එක්කද..."
"ඇයි මේ මං ඉන්නේ..........., නෑ මේ මං කියන්න ගියේ ඔයාට කෙන්ව්ක් හොයලා දෙන්න මේ මං ඉන්නේ..."
"හාකො... ඔයාගෙ තේරිම හොද වෙයි..."
"හරි ඒක නෙමේ දැන් ගිහින් ලෑස්ති වෙලා එන්නකො, පොඩි ගමනක් යන්න තියෙනවා..."
"කොහෙද..."
"යන්නකො ඒක සප්‍රායිස් එකක්.."
එහෙම කියපු ටේ මගෙ නළලට කිස් එකක් තියලා ගියේ ලෑස්ති වෙන්න.
මං ලෑස්ති වෙලා පහළට යද්දි ජන්කුක් සරුයි නුමියි බබාලා දෙන්නට කෑම කවාගන්න හෙන ගේමක් දෙන ගමන් හිටියේ, ඉතිං එතන එකම යුද්ධයයි.
"ජන්ග්කුක් සර්ටත් වෙච්ච දෙයක් නේද ?...."
"කියලා වැඩක් නෑ ශිනි, මේ කොල්ලයි කෙල්ලයි දඟයි, මොනා වුනත් ඉතිං මගේනේ."
"හ්ම් හ්ම්... ඔයාලව ඔහොම දකිනකොට ආස හිතෙනවා...."
"ආස හිතෙනවා කිව්වේ, ඔයාගෙ ටේ බබා එක්කත් බබාලා ටිකක් හදා ගන්නද..."
"අයියෝ සර් .... මොනාද මේ කියන්නේ..."
"ඇයි එහෙම නෙමේද, ..."
"ටේ කිව්වා මට හොඳ කොල්ලෙක් හොයලා දෙන්නම් කියලා."
මං එහෙම කියනවත් එක්කම ජන්ග්කුක් සර්ගෙ අතින් පිගාන බිම වැටුනෙ ලොකු සද්දෙකුත් එක්ක.
YOU ARE READING
නිහඬ ආදරේ [COMPLETED]
Fanfictionශිනි කවීශා කියන්නේ ශ්‍රී ලාංකික තරුණියක්, කොරියාවට එන්නේ රැකියාවක් සඳහා, එයා හිතුවෙ වත් නැති විදිහට එයාට කෙනෙක් මුණ ගැසෙනවා. ඇත්තටම ඒ දෙන්නා මුණ ගැහේවිද, ඒ දෙන්නා අතරේ මොනාද වෙන්නේ, ඇත්තටම එයාලා අතරේ මොනා හරි දෙයක් තියෙනවද, ශිනීට පුළුවන් වෙයිද හැමදේ...