උදේම ටේ මං ළඟ ඉන්නවා දැක්කේ නැති නිසා කෝල් එකක් අරන් කිව්වා මට ටිකක් සනීප නෑ ඒ නිසා අද එන්න වෙන්නේ නෑ කියලා.
ඒක අහලා ටේ වචනයක්වත් කිව්වේ නැති නිසා මං හිතුවෙ ටේ ෆෝන් එක කනේ තියාගෙනම වැඩ ඇති කියලා, එහා පැත්තෙන් නිකන් මොනා හරි පෙරලෙනවා වගෙ සද්දෙකුත් ආවාත් ඒක මං එච්චර ගනන් ගත්තෙ නෑ, ඉතිං මං ෆෝන් එක කට් කරලා ඔළුවේ ඉදන් පොරවන් නිදාගත්තා.
කොච්චර වෙලාවක් නින්ද ගියාද කියන්න දන්නේ නෑ ඒත් මට තේරුනා ඇත්තටම මගෙ ඇඟට පණ නෑ වගේ කියලා, හරියට උණ හැදුනාම වෙන්නේ, අන්න ඒ වගේ කියලා, ලාවට ඇස් ඇරලා බැලුවත් පැහැදිලිව වටපිටාව මුකුත් පෙනුනේ නැති නිසා ආපහු මං නිදා ගත්තා.
ආපහු මං ඇස් අරිද්දි දැක්කා ටේ මගෙ ළගට වෙලා බලං ඉන්නවා වගේ හීනයක් වෙන්න ඇති කියලා හිතලා ආපහු ඇස් පියන් ඉදලා ටිකකින් අරිද්දි තේරුනේ ටේ මං ගාව කියලා.
"ටේ බබා... නෑ මේ මං කිව්වේ ටේ ඔයා වැඩට ගියෙ නැද්ද.... "
"හ්ම්... ගියා ඒත් ඔයා කෝල් කරපු නිසා අනිත් අතට ඉක්මනට එන්න හදද්දි මේසෙ උඩ තිබ්බ දේවල් වගේකුත් බිම වැටුනා ඒක අස් කරලා එන්න හදද්දී මග අරින්නම බැරි වැඩක් වැටුනා, ඒකත් ඉවර කරලා එද්දි ඔයා නිදි, ඒත් හොදටම උණ අරන්, මං ගොඩාක් බය වුනා මං නිසා නේද කියලා හිතුනා, මොකද ඊයේ ජෙනිගෙ කතාව නිසා ඔයා බය වුනා නේද, සමාවෙන්න ශිනි ඒත් ඒක තමා ඇත්ත, ඒ වගේම......."
"ටේ ටේ එපා.... දැන් මේ ඒකට වෙලාව නෙමේ..."
ඇහ් ජන්කුක් සරුත් මෙතන ඉන්නවද... හපොයි මේ මනුස්සයා මොකද මගෙ කාමරේ අස්සේ රින්ගන් කරන්නේ, මං ඔළුව හරවලා බලද්දි මං දැක්කා ලොකු කල්පනාවකින් ජන්කුක් සර් මං දිහා බලන් ඉන්නවා කියලා.
"ජන්කුක් සර් කොයි වෙලේද ආවේ, දැක්කෙත් නෑ... "
"අපිව පේන්න නම් වට පිට බලන්න ඕනි ඒත් එහෙම බැලුවෙවත් නෑ නේද අලගෙඩිය, ඇස් ඇරපු වෙලාවෙ ඉදන් බලන් ඉන්නේ ටේ බ බා... දිහානේ.."
ඒ කතාවට නම් මට සෑහෙන්න ලොකු ලැජ්ජාවක් දැනුන නිසා බෙඩ් ශීට් එකෙන් ඔළුව ඉදන් වහගත්තා.
YOU ARE READING
නිහඬ ආදරේ [COMPLETED]
Fanfictionශිනි කවීශා කියන්නේ ශ්රී ලාංකික තරුණියක්, කොරියාවට එන්නේ රැකියාවක් සඳහා, එයා හිතුවෙ වත් නැති විදිහට එයාට කෙනෙක් මුණ ගැසෙනවා. ඇත්තටම ඒ දෙන්නා මුණ ගැහේවිද, ඒ දෙන්නා අතරේ මොනාද වෙන්නේ, ඇත්තටම එයාලා අතරේ මොනා හරි දෙයක් තියෙනවද, ශිනීට පුළුවන් වෙයිද හැමදේ...