🍃21. එක වගේ දෙන්නෙක්ද

76 8 3
                                    

"ශිනී, ඉස්සෙල්ලාම දෙයක් කියන්න තියෙනවා, ඒ දේ අහලා බය වෙන්න එපා"

"ඔහොම කියද්දිම බය හිතෙනවනෙ ටේ..."

"හ්ම්... ඒත් ඔයාට නොකියා බෑ, මොකද ඔයා දැන් ඒ දේවල් දැන ගන්න ඕනි."

"කමක් නෑ ටේ ඔයා කියන්න..."

මං එහෙම කිව්වත් හිත යටින් මගෙ හිත ටිකක් බය වෙලා තිබුනේ, ටේ මොන වගේ කතාවක්ද මේ කියන්න හදන්නෙ කියලා, මාසෙකට වඩා කාලයක් මං ටේගෙන් භාහිර ලෝකෙන් ඈත් වෙලා හිටියේ ආපහු ටේ ගාවට යන්න ඕනි නිසා, ඒත් ටේ දැන් කියන්න හදන දේවල් මාව අහේතුකව වුනත් බය කරනවා.

"ශිනී .... එදා... ආවේ අප්පා නෙමේ..."

"ඒ කිව්වේ...."

"ඒ කිව්වේ එදා ඔයා අර කබඩ් එකේ හැංගුන දවසෙ කාමරේට ආව කෙනා මගෙ අප්පා නෙමේ, මගෙ අප්පගෙ නිවුන් සහෝදරයෙක් ...."

"ඇයි ටේ ඔයා එහෙම කිව්වේ, නිවුන් සහෝදරයෙක් කියලා..."

"ඔව් ඔයා ඒ අහපු දේ හරි, මොකද මගෙ අප්පා තුන් නිවුන්, ඉතිං එදා ආවේ ඒ අනිත් දෙන්නගෙන් එක්කෙනෙක්, ඒ තුන් දෙනා හරිම අසාමාන්‍ය විදිහට සර්ව සමානයි, වෙනසක් හොයා ගන්න බෑ. ඉතිං එදා ඒ අප්පාගෙ සහෝදරයා ඇවිත් තියෙන්නේ ඔයාවයි මාවයි ඉවරයක් කරන්න, මොකද අප්පගෙ දේපළ ටික කම්පැණි එක වගේම අපෙ අප්පගෙ ආද‍රේ මගෙ අම්මවත් අයිති කරගන්න එයාලා ඇවිත් තියෙන්නේ..."

"එයාලා,? ඇයි එයාලා කියලා කියන්නේ, අනික මෙච්චර කාලයක් කොහෙද ඇත්තටම එයාලා හිටියේ."

"හිරේ ... එයාලා හිටියේ හිරේ, අපේ අප්පා අපේ සීයගෙ බිස්නස් බලා ගන්න බාර ගද්දි බාප්පලා දෙන්නට ඕනි වුනේ ජීවිතේ විදින්න , සල්ලි නාස්ති කරන්න, ඒත් මගෙ අප්පා ඒකට ඉඩ දුන්නේ නෑ, ඒ නිසා එයාලා කරපු හොර වැඩ මාට්ටු වුන නිසා අපෙ සීයා කලේ එයාලව පොලිසියට අල්ලලා දුන්න එක. ඉතිං අවුරුදු ගානක් හිරේ හිටියත් එයාලට අපි ගැන හැම අප්ඩේට් එකක්ම ගිහින් තියෙනවා, මොකද එයා අපේ ගෙදරට කෙළින්ම ආපු නිසා අපිට තේරුම් ගන්න පුළුවන් එයාලට අපි ගැන තොරතුරු දන්නවා කියන එක."

"එතකොට එදා ඔයාගෙ අප්පා විදිහට එයා ඇවිත් තියෙන්නේ මේ හැමදේම ඉවරයක් කරන්නද."

නිහඬ ආදරේ [COMPLETED]Where stories live. Discover now