මං තාමත් ඉන්නේ ටේගේ කාමරේ දිහා බලාගෙන ඒත් ටේගෙ කාමරේ දැන් නම් ලයිට් ඕෆ් මං හිතන්නේ එයා පිටත් වෙන්න හදන්නෙ.
මං ලොකු හුස්මක් අරන් හිත සැහැල්ලු කරන් ඇදේ ඉදගෙන කල්පනා කර කර හිටියේ.
ඒත් එක පාරටම මගෙ කාමරේට කවුරුහරි ඇවිත් මාව ගොඩාක් තදින් බදා ගත්තා.
ඔව් ඒ වෙන කවුරුත් නෙමේ මගේ ටේ බබා..
"ශිනි ප්ලිස් මාව නවත්තාගන්න මට යන්න දෙන්න එපා, මට යන්න බෑ, මට තේරෙන්නේ නෑ ඇයි මට මෙහෙම දැනෙන්නේ කියලා. මට ඔයාව දාලා යන්න බෑ."
"දෙයියනේ ටේ මොනාද මේ කරන්නේ, දැන් ඔයාට ආපහු හැරෙන්න බෑ, ඔයා දැන් ඔයාගෙ විතරක් නෙමේ තව කෙනෙක්ගෙ ජිවිතේකටත් වග කියනවා, සෙල්ලමක් නෙමේ ටේ බබෝ තේරුම් ගන්න."
"ඒත් ශිනි මට මෙහෙන් යන්න හිත හදා ගන්නම බෑ, මට ඔයාව දාලා යන්න හිත හදා ගන්න බෑ, මං මොකද කරන්නේ."
"අනේ ටේ දැන් එහෙම කියලා බෑනේ ඔයා යන්නම ඕනි. "
"ශිනි මට කිස් එකක් ඕනි මගෙ ලිප්ස් වලට එතකොට මං යන්නම්."
"ටේ බබා මොනාද මේ කියන්නේ, ඔයා දැන් වෙන කෙනෙක්ගෙ, ඔයාට එහෙම එයාගෙ ඇරෙන්න වෙන කෙනෙක්ගෙන් ඒ වගේ දෙයක් ඉල්ලන එක සාධාරණ නෑ, එහෙම ඉල්ලන්නත් බෑ, ඒක සම්පූර්ණ වැරදි."
මං එහෙම කිව්වාම ටේ මගේ දිහා ටිකක් වෙලා බලන් ඉදලා වචනයක්වත් නොකියා යන්න ගියා, ඔව් එයා යන්නම ගියා. ආයෙ මට එයාව සෑහෙන කාලෙකට බලාගන්න වෙන්නේ නෑ.
ඒත් ටේ එක්ක ඒ ගත කරපු කාලය මට එක මොහොතකට අමතක කර ගන්න බැරි වුනා, එයා දැන් වෙන කෙනෙක්ගෙ කියලා දැන දැනත් මට එයාව අමතක කරන්න බැරි වුනා.
ඇත්තම කිව්වොත් මං එයා එනකන් මග බලන් හිටියා. සමහර දවස් වලට මං ජන්කුක් සර්ගෙන් එයා ගැන විස්තරයක් දැන ගන්න ගොඩාක් උත්සහ කලත් කෙළින්ම අහන්න හයියක් තිබ්බේ නෑ.
හැමදාමත් රෑට අපේ බංකුවට වෙලා ඒ මතකයන් අස්සේ ජීවත් වෙන එකයි මං කලේ. ඔයා ගියායින් පස්සේ කිරිකෝපි බොන එකත් මං නැවැත්තුවා, කවදා හරි ඔයා ආපු දවසක ඔයයි නුමි ඔයාගෙ පැටව් එක්කයි එකතු වෙලා අපි කිරි කෝපි බොමු නේද.
YOU ARE READING
නිහඬ ආදරේ [COMPLETED]
Fanfictionශිනි කවීශා කියන්නේ ශ්රී ලාංකික තරුණියක්, කොරියාවට එන්නේ රැකියාවක් සඳහා, එයා හිතුවෙ වත් නැති විදිහට එයාට කෙනෙක් මුණ ගැසෙනවා. ඇත්තටම ඒ දෙන්නා මුණ ගැහේවිද, ඒ දෙන්නා අතරේ මොනාද වෙන්නේ, ඇත්තටම එයාලා අතරේ මොනා හරි දෙයක් තියෙනවද, ශිනීට පුළුවන් වෙයිද හැමදේ...