🍃12. නුමී වෙඩ්ස් ටේ....

66 10 0
                                    

ඒත් ඇස් අරිද්දි‍යි දැක්කේ ටේ නාලා ඇවිත් තෙත පිටින් කොණ්ඩේ මගේ මූණේයි බෙල්ලෙයි උඩට පහළට අරගෙන යනවා කියලා.

ඒකට බය වුන පාරට නිදිමත ගියා....

"අයියෝ ටේ බබෝ මොකද්ද ඒ කලේ, මං හිතුවේ සතෙක් කියලා."

"මාව සතෙක් වගේද පේන්නේ...."

"ඔව් ඔව් තඩි පණුවෙක් ..."

"ආහ් එහෙමද කියන්නේ... බලාගමුකෝ..."

"හරි හරි ඉතිං කෝ එන්නකෝ දැන් ඔළුව පිහින්න නැත්තන් අසනීප වෙයි"

ඇත්තටම ඔයා බබෙක් වගේ තමා තුවායත් අරන් ඇවිත් ඒක මට දීලා, මගෙ උකුළෙන් ඔළුව තියාගෙන මං ඔළුව පිහනකන් හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්නවා.

ටේගේ ඔළුව පිහද පිහද ඉන්න අතරතුර හිතුවෙ නැති විදිහට එක පාරටම නුමී ආවා.

"හායි ටේ, හායි ශිනී ගුඩ් මෝර්නින් දෙන්නටම..."

ටේ ඒත් ඔළුව උස්සන්නෙ නැතුවම ගුඩ් මෝර්නින් කියද්දි මං කර කර හිටපු වැඩේ නවත්තලා නුමීට ගුඩ් මෝනින් කිව්වා.

නුමිත් එහෙම්මම ඇවිත් අපි ඉස්සරහ පුටුවෙන් වාඩි වෙද්දි මං ටේව මගෙ උකුළෙන් නැගිට්ටුවා.

"ටේ අපිට වෙඩින් ඩ්‍රෙසස් සිලෙක්ට් කරන්න යන්න වෙනවා, උදේම ඔයාගෙ අප්පා කෝල් කරලා කිව්වා ඔයත් එක්ක යන්න කියලා, ශිනී ඔයත් යමු හොදේ."

"යමු නුමි, මං තව ටිකකින් ශිනී එක්කම ලෑස්ති වෙලා එන්නම් එතකන් ඔයා ගිහින් උදේට කන්න දැන්..."

"හරි එහෙනම්, ඔයාලා ලෑස්ති වෙලා එන්නකො, මං යනෝ..."

නුමී ගියාට පස්සේ ආපහු ටේ මගෙ උකුළෙන් ඔළුව තියාගෙන ඇස් පියා ගත්තා.

දෙයියනේ ඔයා මේ කරන දේවල් නිසා මං කොහොමද හිත හදාගෙන ඉන්නේ.

මං හිමීට මගෙ ඇඟිලි තුඩු ඒ මූන පුරා සීරුවට අරන් ගියා. ඒත් ඒ තොල් අල්ලන්නෙ නැතුව ඉන්න පරිස්සන් වුනා.

"ටේ බබෝ, ඔයා ලෑස්ති වෙලා නුමී එක්ක යන්න, මං ජංකුක් සර් එක්ක ඔෆිස් එකට ගිහින් ඒ වැඩ ටික බලන්නම්. අනික ඔයාලා දෙන්නා එකිනෙකාව අදුනා ගන්නත් ඕනිනේ ඉතිං තව කෙනෙක් එක්කන් ගිහින් බෑනේ. අපි දෙන්නා කොච්චර හොද යාළුවෝ වුනත් මතක තියා ගන්න ඉස්සරහට අපිට අපේ බැදීමට සීමාවන් දාගන්න වෙනවා. ඔයාට තේරෙනවා නේද ටේ මං කියන දේ..."

නිහඬ ආදරේ [COMPLETED]Where stories live. Discover now