🍃17.දෙයියනේ දැන් මොකද කරන්නේ

64 8 0
                                    

ටේ එහෙම අහනවත් එක්කම පියවි සිහියට ආපු මං ටේවත් පෙරලගෙනම ඇදෙන් බැස්සා.

"ටේ අපි දුර යනවා වැඩි, ඔයාගේ හිතේ ඉන්න කෙල්ලට ඔයා මේ වැරැද්දක් කරන්නේ, අනික මං වුනත් කැමති නෑ මං ගැන කිසිම හැගීමක් නැති කෙනෙක්ගෙ ආසාවන් තෘප්තිමත් කරන නිකන්ම නිකන් කෙනෙක් වෙන්න, මොකද ඔයා මගේ හැමදේම, ඔයා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ ටේ ඒත් මෙහෙම මේ විදිහට නෙමේ."

"ශිනී අහන්න, ඔයා හිතනවා වගේ මං ඔයාව පාවිච්චි කරන්න හැදුවා නෙමේ, ඔයා මං ගැන හොදටම දන්නවා, ඒ දැනගෙනත් මං ගැන එහෙම හිතුවද ඔයා, අනික ඔයාට ඔච්චරම හිතා ගන්න බැරිද ශිනි මගේ හිතේ ඉන්න කෙනා කවුද කියලා, ඇත්තටම මගෙ හිත රිදුනා ඔයා මාව අවිශ්වාස කරපු නිසා. ටිකක් හිතලා බලන්න මං කියපු දේවල් ගැන."

එහෙම කියලා ටේ කාමරෙන් යන්න ගියා, මට හිතා ගන්න බැරි වුනා කොතනද මට වැරදුනේ කියලා.

දෙයියනේ එයා මගෙන් ඇහුවෙ එයාගෙ වෙනවද කියලා නේද, ඒ කියන්නේ මං ගැනද එයා කිව්වේ,

දෙයියනේ දැන් මොකද කරන්නේ, මගෙ ටේ බබා මාත් එක්ක තරහා වෙලා ගියේ, දැන් ඉතිං යාළු කර ගන්න සෑහෙන කට්ටක් කන්න වෙයි වගේ.

ටිකකින් මං පහළට ආවේ ටේ කොහෙද බලන්න, එතකිට මං දැක්කා එයා පහළ තියෙන අමුත්තන්ගෙ කාමරේ නිදා ගෙන ඉන්නවා,

මං ටේ ගාවට ගිහින් එයාගෙ ඉස්සරහින් ඇදේ හාන්සි වෙලා එයාගෙ කොණ්ඩේ අස්සෙන් මගෙ අතේ ඇගිලි අරන් ගිහින් පිරිමද්දින්න ගද්දි එයා මගේ අත අයින් කරලා අනිත් පැත්ත හැරුනා.

ආපහු මං ඇදේ අනිත් පැත්තෙන් ගිහින් එයාගෙ ඉස්සරහින් හාන්සි වුනා,

"අහන්න ටේ ප්ලීස් මට සමාවෙන්න, මං ඔයාව අවිශ්වාස කලා නෙමේ, මං හිතුවේ ඔයා ගැන ඔයා අතිං මේ වෙන්න යන්නෙ වැරැද්දක් කියලා හිතුනා, මං දැන් දන්නවා ඔයාගෙ ඒ හිට්ජේ ඉන්න කෙනා මං කියලා ඒත් මං කලින් හිතුවේ වෙන කෙනෙක් වෙන්න ඇති කියලා, ප්ලීස් ඔහොම තරහා වෙලා ඉන්න එපා."

කොච්චර කිව්වත් ටේ නෙමෙයි ඇහැක් ඇරලා බැලුවේ, මොකද කරන්නේ කියලා හිත හිත ඉද්දි මතක් වුනා ටේ කිව්ව දේ ...

නිහඬ ආදරේ [COMPLETED]Where stories live. Discover now