Requested chapter
මේක කැම්පස් ඉන්න අක්කලගෙන් ආපු request එකක්. ඒත් මම කැම්පස් එකකට තාම ගිහින් නෑනේ. ඒනිසා මම මුකුත් දන්නේ නෑ. මේ chapter එක ලිව්වේ අපේ කැන්ඩි අක්කා Armygirl920 akka.
Thank you so much අක්කි busy වුණත් මට උදව් කරාට.
තව campus ගිය , යන අය ඉන්නවා නම් ඔයාලට පුළුවන් වෙලාවක මට tips ටිකක් එවන්නකෝ 😊-------------------------------------
කැම්පස් යන අයට පාඩම් කරන එක මෙහෙමයි .. lectures එක්ක පාඩම් කරන්න ලැබෙන්නේ සෑහෙන්න පොඩි වෙලාවක් .. අනික හොස්ටල් හරි බෝඩිම් හරි ඉන්නවා නන් යද්දිම රෑ වෙලා නේ එතකොට ..
මම කියන්නේ ඇත්තටම පුළුවන් අයට weekend එක ගෙදරදි පාඩම් කරන්න .. එක්කො study leave එකක් දුන්නම ගෙදර යන්න .. සමහරු ඉන්නවා ඒත් ගෙදර නොයාම ඉන්න අය .. ඒකත් නරක නෑ මොකද සමහරුන්ට comfortable තැනකට ගියාම පාඩම් කරන්න හිතෙන්නෑ .. rest කරන්නම හිතෙන වෙලාවක් තියෙනවනේ .
ඒ නිසා එහෙම පුළුවන් නම් එහෙම කමක්නෑ .. කැම්පස් එකේ ඉදන්ම කරන්න ..
පුළුවන් තරම් මම කියන්නේ library එක පාවිච්චි කරන්න .. ඒකේ පොත් කියවන්න උවමනා නැති උනත් කමක්නෑ ඔයාගේ පොත් ටික අරන් ඒකට යන්න .. මොකද library එකට ගියාම පේන්නේ වැඩ කරන , පාඩම් කරන ළමයින්ම විතරයි .. අන්න එතකොට දැනෙනවා මාත් මොකක් හරිම දැන් කරන්නෝන කියලා ..
අනිත් දේ තමා lectures ඉවර වෙලා ගියාම හරි මහන්සියි .. සමහර වෙලාවට බස් වල ඇවිත් එපාවෙලා වගේ බෝඩිමට යන්නේ .. එහෙම උනාම ඒ ගිය පිටින්ම කෑම කන්න .. කාලා හොඳ සීතල වතුරෙන් ඇඟ පත සෝදගන්න .. ඒ කරලා ඉවර උනාම මාර නිදිමතක් එනවා මහන්සියටයි බස් වල ආව එකයි නිසා ..
එතකොට පැයකට වගේ එලාම් තියලා නිදියන්න .. මම ඒක කරනවා එතකොට මට රෑ වෙලා නැගිටින්න පුළුවන් ..ඒත් සමහරු ඉන්නවා නිදාගත්තම නැගිටලා ආයෙ කරන්න බෑ ඒත් නිදිමත අය .. එහෙම අය ආව ගමන් wash එකක් දාගන කාමරේ ඉන්නේ නැතුව study area එකක් තියෙනවා නම් බෝඩිමේ , එක්කො කාමරෙන් පිට පාඩම් කරන්න පුළුවන් තැනක් තියෙනවා නම් අන්න එතනට යන්න .. වාඩිවෙලා කරද්දි ටිකක් කෙරෙනවා .. ඇඳ උඩ දිගෑරියොත් ආයේ වෙන්නේ පහුවෙනිදා ලෙක්චර්ස් ගැන හිත හිත එපාවෙලා මූඩ් එකත් නැතිවෙන එක ..
VOCÊ ESTÁ LENDO
Love For Process
Diversosපාඩම් කරන්න කම්මැලි වගේද ? එන්න අපි ආසාවෙන් පාඩම් කරමු..! STUDY TIPS FOR YOU 🍀☁ Lan_Kimra #1 in motivation #1 in study