ඉරිසියාව.

1.5K 145 29
                                    


_____After one week_____

____A/N____

විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය දවසින් දවස දවස් හතක් ගෙවිලා ගියේ ඇහිපියගහන තරම් වේගෙකින්. ජන්කුක් ආරි එක වහලක් යට ජීවත් වෙන්න පටන් අරන් සතියක් ගියාට ආරිගෙ හිතේ ජන්කුක් ගැන පැහැදීමක් ඇති වුණේ නෑ. ජන්කුක් කොච්චර උත්සහා කරත් ආරිගේ හිතේ එයා ගැන හැඟීම් ඇති කරන්න ඒක කොල්ලට එච්චර ලෙසි වුණේත් නෑ.

ජන්කුක් ආරිට ළංවෙන හැම මොහොතකම ආරි මොකක්ම හරි දෙයක් කියලා කොල්ලගෙන් ඈත්වෙනවා. ජන්කුක් වුණත් ආරිට ඉඩ දිලා පැත්තකට වෙන්නෙ ආරිගේ හිතේ තවත් තමන් ගැන වැරදි හැඟීම් ඇති කරන්න අකමැති වුණ නිසා.

මොකද මේ වෙනකොට ජන්කුක් එයාගෙ පරණ ජීවිතේ ගැන ගොඩක් පසුතැවෙනවා!!!.

ඒ කියන්නේ දැන් ජන්කුක් වෙනස් වෙලාද? පරණ ජීවිතේ ගැන දුක්වෙන්නෙ ජන්කුක් අලුත් ජීවිතයක් පටන් අරන් කියන එකද?

ඔව් ජන්කුක් අලුත් ජීවිතයක් පටන් ගත්තා. ආරිත් එක්ක. අඳුරු,අපිරිසිදු පිටු සහිත ජන්කුක්ගෙ ජීවිත කතා පොතේ කොල්ලා අලුත් පිරිසිදු පිටුවක් පෙරළුවේ ආරිව දැක්ක දවසේමයි. එයාට ඕන වුණේ ආරිත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න. එයාලගෙ චුටි පැටව් ගොඩක් එක්ක. ජන්කුක් හීන මැව්වා ආරිත් එක්ක එයාගෙම කියලා චුටි පැටව් ගොඩක් ගැන. එයාලගෙම පවුලක් ගැන!!!!

ජන්කුක් බොළඳ වෙලාද?

තමන්ගෙ ආදරනියන් එක්ක එකට ගත කරන එක ගැන හීන මවන එක බොළඳ වැඩක්ද? හමහරවිට වෙන්න පුළුවන්?

රස්තියාදු සෙල්ලක්කාර ජන්කුක් ආදරනිය චරිතයක් වෙලා!!!

මේ අතර ආරි නම් හිටියෙ සතුටින්නම් නෙමෙ. කොහොම සතුටුවෙන්නද තමන් අකමැතිම මනුස්සයා එක්ක එක වහලක් යට ඉන්නකොට. ඒත් ආරිගේ හිතේ ජන්කුක් ගැන හැඟීමක් නොතිබ්බයි කියන්නත් බෑ. මොකද ජන්කුක් ආරිට ළංවෙන හැම මොහොතකම ආරිගේ හද ගැස්ම වැඩි වුණා. ඒ ඇයි කියන්න ආරි දැනන් හිටියෙ නෑ. ආරි හැමවෙලාවෙම එයාගෙ හිතට ඒත්තු ගැන්නුවේ ඒ ජන්කුක්ට තියන බය නිසා කියලා.

ඒත් ඒක ද ඇත්ත? ආරි ජන්කුක්ට බයවෙන්න පුළුවන් ඒත් ආරිගෙ වේගවත් හද ගැස්මට හේතුව ඒකම විතරද?

SHE IS MINE <||JJK||> [completed] Where stories live. Discover now