අනාථයෙක්.

1.3K 158 16
                                    


ඔය ඇත්තමද ඩෝල්?

ජන්කුක් අහනකොට ඔලුව වැනුව ආරි හිමින් හිනා වුණා. ඒත් ඒ හිතේ කියා ගන්න බැරි ලොකු දුකක් තිබ්බා.

ඇත්ත. ඒත් ජන්කුක්.

මුනෙ තිබ්බ හිනාව මැකිලා ගිහිං ඒ මුළු මුණම දුකකින් වේලිලා ගියෙ ඒ දිහා ජන්කුක් හොදින් බලන් ඉන්නකොට.

ඒත් කිව්වේ මොකද්ද ඩෝල්?

ජන්කුක් මන් ඔයාව මැරි කරන්නම්. ඔයා එක්ක ඉන්නම්. ඒත් මන් දන්නේ නෑ ඔයා හොයන තරම් ආදරයක් මට දෙන්න පුළුවන් වෙයිද කියලා. 

බිම බලන් ඇගිලි එක මත පටලෝන ගමන් ආරි කියනකොට ඉන්න තැනින් නැගිට්ට ජන්කුක් ආරි ළඟට ඇවිත් කෙල්ල ළඟින් දනගහා ගත්තෙ ආරිගෙ අත් දෙකම තම අත් වලට මැදි කර ගන්න ගමන්.

මන් දන්නවා ඩෝල්. ඔයාට හිත හදාගන්න අමාරු ඇති. ඔයා මට ආදරේ නොකලට කමක් නෑ. ඒත් ඔය උණුහුම මගෙන් ඈත් කරන්න එපා. මන් අපි දෙන්නටම හරියන්න ආදරේ දෙන්නම්. මාත් එක්කම ඉන්න චෙබල්.

අල්ලන් ඉන්න ආරිගෙ අත් දෙකෙන්ම හාදු තියන ගමන් ජන්කුක් කියනකොට ආරිගේ ඇස් වලට කඳුලු ඉනුවේ ඉබේමයි.

ඒත් ඒ කඳුලු දුකට ඉනුව කඳුලු නොවන වග සහතිකය!!! 

ජන්කුක්.

හ්ම්ම්.

තවමත් තමන්ගෙ අත් අල්ල ගෙන උකුලෙන් ඔලුව තියන් ඉන්න ජන්කුක්ට ආරි කතා කරේ මුවේ ලස්සන හිනාවක් එක්කමයි.

මට ඇවිදින්න යන්න ඕනේ ජන්කුක්.

ආරි කියනකොට ජන්කුක් කෙල්ල දිහා බැලුවේ පුදුමෙන්.

දැන් රෑ වුණානේ ඩෝල්.

කමක් නෑ යමුකො.

ආරි ආයිමත් කියනකොට ජන්කුක් ආරිගේ කැමැත්තට ඉඩ දිලා ඔලුව වැනුවා.

ඳුමක් දාන් එන්න ඩෝල්.

හරි.

ආරි සතුටින් කාමරේට දුවන විදිය ජන්කුක් බලන් හිටියෙ හිනාවේවි.

ඔයාට විතරයි ඩෝල් පුළුවන් වුණේ මේ හිතේ ආදරයක් ඇති කරන්න. ඉතින් ඔයා කොහොමද කියන්නේ ඔයාට මට ආදරේ දෙන්න බෑ කියලා.

SHE IS MINE <||JJK||> [completed] Où les histoires vivent. Découvrez maintenant