____A/N____
ජන්කුක්ගෙන් ලැබුණ අණත් එක්ක ආරි තප්පරයක්වත් පරක්කු නොකර ජන්කුක්ගෙ රූම් එකට ආවෙ ටිකක් විතර බයෙන්.
සර් මට එන්න කිව්වේ.
පුටුව පිටිපස්සට ඔලුව බරකරන් ඉන්න ජන්කුක් දිහා බලන් කෙල්ලෙ ඇහුවේ ජන්කුක් තමන් ආව එකවත් ගණන් නොගෙන ඉන්න නිසා.
මේ ෆයිල් ටික පැයක් යන්න කලින් කම්පිලිට් කරලා මගේ මේසේ උඩින් තියන්න.
තමන්ගෙ මේසේ උඩ තියන ෆයිල් කන්ද පෙන්නන ගමන් ජන්කුක් ආරිට කියනකොට ආරි ජන්කුක් දිහාත් ෆයිල් ටික දිහාත් මාරුවෙන් මාරුවට බලන්නනෙ පුදුමෙන්.
" මෙච්චර ෆයිල් තොගයක් පැයකින් කම්පිලිට් කරන්නේ කොහොමද මම?." ෆයිල් කන්ද දැක්ක ගමන් කෙල්ලට හිතුණේ එහෙම.
තමුන්ට මන් කිව්ව එක ඇහුණේ නැද්ද!!!
ජන්කුක් ඔලුව උස්සලා කෙල්ල දිහා බලනකොට ජන්කුක්ගෙ බැල්මට ගැස්සුන කෙල්ල කලබලෙන් ඇවිත් කොල්ලගේ මේසේ උඩ තියන ෆයිල් ටික ගත්තා.
මන් පැයක් ඇතුලත මේ ටික කම්පිලිට් කරන්නම් සර්.
ජන්කුක්ට ආචාර කරපු කෙල්ල ෆයිල් ටිකත් අරන් යන්න හැදුවත් ආයිමත් ඉන්න තැනම නැවතුණේ කොල්ල කතා කරපු නිසා.
සර්?
අතන!!! අතනට ගිහින් ඔය ටික චෙක් කරන්න ආරි. යන්න!!!
ජන්කුක් එයාගෙ රූම් එකේම තියන කලු සෝෆාව පෙන්නන ගමන් කියනකොට කිසි දෙයක් නොකිව්ව කෙල්ල හිමින් ගිහින් එතනින් ඉඳගෙන එකින් එක ෆයිල් චෙක් කරන්න පටන් ගත්තා.
" ආශ්.... මන් මොකද්ද ඒ කරේ? මට ඕනේ ඒ කෙල්ලව ටිකක් බයිට් කරන්න ඒත් ඇයි මන් ඒ වගේ වැඩක් එයාට කරන්න දුන්නෙ." ජන්කුක් ආරි දිහාම බලන් හිතුවා.
ඔව් කොල්ලට ඕන වුණේ අනිත් කෙල්ලන්ට වගේම ආරිවත් සෙල්ලමකට ගන්න. ඒකමයි කොල්ලා කෙල්ලට එන්න කිව්වේත්. ඒත් කොල්ලගේ හිත කවදාවත් නැතුව එයාගේ හිතටම අගුලු දාගෙන. එයාට ආරිව අනිත් කෙල්ලො වගේ සෙල්ලමකට ගන්න හිතුණේ නෑ.
ŞİMDİ OKUDUĞUN
SHE IS MINE <||JJK||> [completed]
Hayran Kurguරාගික ආශා වලින් මත් වු සෙල්ලක්කාරයෙක් දුප්පත් අසරණ අහිංසකාවියක්... 🌷 රාගයත් ආදරයත් අතර දොලනය වන ආදරනිය කතාවක්.....🥀 START- 2023.07.31 END - 2023.09.08